22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මාළු මිල බහී ලින්නා කිලෝව රු. 620යි බලයා රු. 850යි

වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී. උපුල් මහතා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට දැනුම් දී ඇත.

මේ පිළිබඳ වාර්තාවක් ඊයේ (16) ධීවර ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ දකුණු මුහුදේ වාරකන් සමය අවසන් වෙමින් පැවැතීම සහ ත්‍රිකුණාමලය, කල්මුණේ, අම්පාර සහ කින්නියා මුහුදු තීරයන්හි මේ දිනවල සරු මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් තිබෙන බවයි.

මේ වන විට ලින්නා මසුන් කිලෝවක තොග මිල රුපියල් 400ත් – 500ත් අතර මිලකටත් කෙළවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1100 දක්වාත් දැල්ලන් සහ බලයන් කිලෝවක තොග මිල රුපියල් 700 දක්වාත් අඩු වී තිබෙන බව සභාපතිවරයා ඇමැතිවරයා හමුවේ දැනුම් දී ඇත.
එමෙන්ම මේ තොග මිල ගණන්වලට ධීවර සංස්ථා අලෙවි සැල් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් පාරිභෝගිකයන්ට මසුන් මිල දී ගත හැකි බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ධීවර සංස්ථා වෙළෙඳ සැල්වලින් ලින්නා කිලෝව රුපියල් 620ක සිල්ලර මිලකටත්, දැල්ලන් මෙන්ම බලයා කිලෝව රුපියල් 850ක පමණ මිලකටත් මිල දී ගත හැකි බව ද සභාපතිවරයා දැනුම් දී ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz