22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විරාත් කෝලි තැබූ වාර්තාව

අද පැවැති තරගයේ දී නොදැවී ලකුණු 122ක් ලබා ගනිමින් එක්දින තරගවල ලකුණු 13,000ක් වේගවත්ව ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සමත් විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය කොළඹ – ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දැන් පැවැත්වේ. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, පන්දුවාර 50 ඇතුළත කඩුලු 2 ක් දැවි ලකුණු 356 ක් රැස් කළේය.

‍තරගය, ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් එය අතරමඟ නතර කෙරුණි. ඒ වන විට ඉන්දියාව පන්දුවාර 24 යි, පන්දුවකට මුහුණ දී කඩුලු 2 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 147 කි.

අද තරගය යළි ආරම්භ කෙරුණේ එම පන්දුවාරයේ සිටය.

නොදැවි පන්දුවට පහරදෙමින් සිටියේ, විරාත් කෝලි සහ කේ.එල්. රාහුල්. ඔවුන් දෙදෙනා පකිස්ථාන පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙනු දක්නට ලැබුණි.

කේ.එල්. රාහුල් අද වාර්තා කළේ , තම එක් දින ක්‍රිකට් දිවියේ 06 වැනි ශතකය‍යි.

එසේම සුපිරි පිතිකරු විරාත් කෝලි තම එක් දින දිවියේ ලකුණු 13,000 සීමාව පසු කිරීමට ද අද සමත් විය. ඔහු මෙම දක්ෂතාව දැක්වූ ලොව 5 වැනි පිතිකරුවා යි.

කෝලි අද වාර්තා කළේ, තම එක් දින ක්‍රිකට් දිවියේ 47 වැනි ශතකය යි. විරාත් කෝලි නොදැවි ලකුණු 122 ක් සහ කේ.එල්. රාහුල් නොදැවි ලකුණු 111 ක් රැස් කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz