22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 06 ක් රෝහලට

කතරගම සිට කොළඹ බලා ධාවනයවූ ලංගම  බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක්  බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී ඊයේ ( 3) රාත්‍රි  මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි

මෙසේ රෝහල් ගතකර ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ ගමන්ගත් හය දෙනෙකු බවත් , එහි රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බවත් පොලිසිය කීය.

ලංගම බස් රථය යතුරුපැදියකට ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව රථවාහන නිළධාරීන් පවසයි.

තුවාල කරුවන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz