22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොල්ලුපිටියේ බස් අනතුරින් 05 ක් මරුට

කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

රෝහල් ගත කළ පිරිස අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි

කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දෙනියායේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකි.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz