22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජැක්සන් ඇන්තනීගේ දේහය කඩවත නිවසට

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා මේ වනවිට තැන්පත් කර ඇත.

බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබූ දේහය ඊයේ(10) රාත්‍රීයේ නිවසට රැගෙන එනු ලැබීය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(12) සවස 03.00 ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

රිය අනතුරකට ලක්ව මාස 14 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත විය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සහ හෙට දෙදින ඔහුගේ නිවසෙහි තැන්පත් කර තැබෙනු ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz