HNB FINANCE PLC සහ Auto Miraj සහයෝගීතාව තුළින් HNB FINANCEලීසිං පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෝටර් රථ සේවා  ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Auto Miraj සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් HNB FINANCE තම  ලීසිං පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් විය.  ඔක්තෝම්බර් 4 වන දින නාවල  HNB FINANCE ප්‍රධාන කාර්යාලයේදී  මීට අදාල අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය අත්සන් තබන ලදි.

මෙම අවස්ථාවට HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිළධාරී  චමින්ද ප්‍රභාත්, Auto Miraj හි නියෝජ්‍ය සභාපති රමිත් සරච්චන්ද්‍ර, Auto Miraj හි මූල්‍ය අධ්‍යක්ෂ විරාජ් මෙන්ඩිස්, මෙහෙයුම් ප්‍රධානී සුරේන් රොඩ්රිගෝ, අලෙවි කළමනාකාර  යොහාන් කාලියදාස සහ HNB FINANCE හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මධුරංග හීන්කෙන්ද, සහකාර සාමාන්‍යාධිකාරී පැතුම් සම්පත්, සහ ප්‍රධාන කළමනාකාර හා ලීසිං අංශ ප්‍රධානී අරූෂ අශ්නුක  යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.  HNB FINANCE විසින් එළැඹී  මෙම ගිවිසුම් කාලසීමාව තුළ Auto Miraj ආයතනය වෙත පැමිණෙන HNB FINANCE පාරිභෝගිකයින් වෙත සුවිශේෂී වට්ටම් සහ පහසුකම් රැසක්  පිරිනැමෙනු ඇත. 

මේ යටතේ  HNB FINANCE ලීසිං පාරිභෝගිකයින්ට සිය මෝටර් රථ සේවාවන් සඳහා කිසිදු මුදලක් සේවක ශ්‍රමය වෙනුවෙන් අය නොකෙරේ. මීට අමතරව මෝටර් රථයන්හි සීරුණු තැන් පිළිසකර  කිරීමේ ක්‍රමවේදයන් සඳහා 25%ක වට්ටමක් ද, මෝටර් රථය ඔප දැමීම සහ ඇතුලත පිරිසිදු කිරීම සඳහා 25%ක් සහ Body wash/Vacuum and Wax සඳහා 50%ක වට්ටමක් ඇතුළුව මේ හා සමගාමී අනෙකුත් සේවා සඳහා මෙම වට්ටම් හිමි වනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දැක්වූ HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “අපගේ ලීසිං පාරිභෝගිකයින් සඳහා ප්‍රතිලාභ රැසක් පිරිනැමීමේ අරමුණෙන් Auto Miraj ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට හැකි වීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත් වෙනවා. මින් ඉදිරියට අපගේ ලීසිං සේවාව සමග සම්බන්ධ වූ පාරිභෝගිකයින්ගේ මෝටර් රථ සඳහා වඩාත් කාර්යක්ෂම, සහ සාධාරණ මිලකට උසස් තත්වයේ මෝටර් රථ නඩත්තු සේවා ලබා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. මීට පෙර පැවති මෙවැනි සේවාවන්හි පැවති අඩුපාඩු පිළිබඳව සිදු කළ මනා තක්සේරුවකින් අනතුරුව මෙම නව සේවාව අපගේ පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීමට හැකි වූ අතර වට්ටම් පිරිනැමීම ද සමගින් ලීසිං පාරිභෝගිකයින්ගේ මෝටර් රථ වඩාත් අලුත් පෙනුමකින් හා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යෑමට ඔවුන්ට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. අභියෝගාත්මක කාලයකදී පවා අපගේ පාරිභෝගිකයින් වෙත උපරිම ප්‍රතිලාභ සැලසීම සඳහා වන දැඩි කැපවීම මෙම අවබෝධතා ගිවිසුම තුළින් පිළිබිඹු වෙනවා” යනුවෙන් පැවසීය.

තම පාරිභෝගිකයින් වෙනුවෙන් ප්‍රශස්ත සේවාවක් සැපයීම සඳහා HNB FINANCE සහ Auto Miraj යන ආයතන නිරතුරුව කැපවී සිටී. මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලමින් පාරිභෝගික සබඳතා දිගුකාලීනව ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *