22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ප්‍රවීණ නර්තන ආචාරිනී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

රවීණ නර්තන ආචාර්යවරියක වන කලාශූරී, විශ්වකලා කීර්ති රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය ඊයේ (20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.

නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය

රැජිණි සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz