22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් දිරි ගන්නෙකු වූ පර්සි අබේසේකර ( Percy Abeysekera) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 87 හැවිරිදි වියේ පසු වුණ ඔහු පළමු තරගය නරඹා ඇත්තේ 1948 දී යි. ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයකි.
පර්සි මුල් වරට සිංහ කොඩිය අතින් ගෙන කණ්ඩායම දිරි ගැන්වීම සිදු කරන්නේ 1979 වසරේදී පැවති ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත සංචාරය තුලයි. එදා සිට ඔහු අසනීප තත්වයට පත්වන තුරු සිංහ කොඩිය යනු ඔහුගේ දිරි ගැන්වීමේ ක්‍රියාවලිය තුල අනිවාර්ය අංගයක්.

1984 වසරේදී ලෝඩ්ස් පිටියේ පැවති තරගයකදී ඔහුගේ දිරි ගැන්වීමේ කටයුතු වලට කොටි හිතවාදින් පිරිසක් බාධා කරන අතර තත්ත්වය සමතයකයට පත් වන්නේ ආරක්ෂක නිලධාරින් ගේ මැදිහත්වීම මතයි.1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ අවසන් භාගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉතාමත් නොසන්සුන් ආකාරයෙන් හැසිරෙනවා. එක්තරා ප්‍රේක්ශකයෙක් පර්සි ගෙන් ජාතික කොඩිය උදුරා ගැනීමට කරන උත්සාහයකදි කොඩිය ඉරී යනවා. නැවතත් තත්ත්වය පාලනය වන්නේ පොලිස් නිලධාරින් ගේ මැදිහත්වීම මතයි.
එම තරගාවලියේම අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිලේ පලමු කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාවකට බිද වැටීමත් සමග තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට ඇති හැකියාව පිලිබදව සැකයක් පර්සි තුල හට ගෙන තිබෙනවා.පසුව ඔහු තරගය ක්‍රියාත්මක වන අතර වාරයේදී පිරිත් කීමට පටන් ගෙන තිබෙනවා.

ඔහු අසනීප තත්වයේ සිටියදිත් ඔහු මාධ්‍යට ප්‍රකාශ කළේ ” මම කොච්චර වයසට ගියත් අවසානය දක්වා ලංකාවට චියර් කරනවා. මේ ආත්මයේ විතරක් නෙමෙයි, ලබන ආත්මයෙත් මම චියර් කරනවා.” යනුවෙනි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz