මැතිව්ස් ගේ ලෝක වාර්තාව සමඟ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා තරගයෙන් බංගලාදේශයට ජය..

Omali Senanayake

දිල්ලි නගරයෙහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයෙහි බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙහි ඊයෙ දින පැවති තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්විය. කාසියෙ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 49.3 අවසානයෙහි රැස්කරගත හැකිවූයේ ලකුණු 279ක් පමණි.

චරිත් අසලංක තම එක්දින දිවියෙ දෙවනි ශතකය ලෙස පන්දු 105කදි ලකුණු 108ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට සමත් විය. හතරේ පහර හයක් සහ හයේ පහර පහක් ඊට ඇතුලත් විය. චරිත් අසලංක සහ ධනංජය සිල්වා ලකුණු 78ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගාගත් අතර ධනංජයගේ ඉනිම ලකුණු 34කට සීමා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත්විය. ඇන්ජලෝ මැතිව්ස්ට කිසිම පන්දුවකට පහර නොදි පිටියෙන් ඉවත්වීමට සිදුවීම ඊයෙ දින සිදු වූ තවත් විශේෂත්වයකි. පැතුම් නිස්සංකගේ ලකුණු 41ක් සධීර සමරවික්‍රමගේ ලකුණු 41ක් මෙම ඉනිමට ඇතුළත් විය. එමෙන්ම මහේෂ් තීක්ෂනගෙන් වටිනා ලකුණු 22ක් ද ඇතුලත් විය.

ක්‍රිකට් නීති රිතී අනුව වෙලාවට පන්දුවට පහරදීමට කටයුතු නොකිරීමේ වරදට ඇන්ජලෝ මැතිව්ස් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට Timed Out ලෙස දැවී යයි. ඒ අනුව Timed out ලෙස දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත්වෙමින් එක්දින ක්‍රිකට් ලෝක වාර්තා අතර සදහන් කෙරුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *