22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාසලේ සිමෙන්ති බැම්ම වැටී දැරියකගේ දිවි අහිමි කරයි..

( මොහොමඩ් නසාර් )

මීට වසර 15 කට පෙර ඉදිකරන ලද තාප්පයක් අනපේක්ෂිත ලෙස කඩා වැටීමේ සිද්ධියක් වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේන් අද අනාවරණය විය.

සිද්ධියෙන් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබන දැරියන් 6දෙනෙකු තුවාල ලබා ඇති අතර බරපතල තත්වයක පසු වූ සෙහන්සා නෙත්මි කෝදාගොඩ නැමැති හය හැවිරිදි දැරිය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතයක්ෂයට පත්ව තිබේ. දැරියගේ හිස ප්‍රදේශයට දැඩි ලෙස හානි වී තිබු බව සිද්ධිය ඇසින් දුටුවන් අප වෙත ප්‍රකාශ කර සිටියහ.

මියගිය සෙහන්සා නෙත්මි කෝදාගොඩ දැරියගේ සයවන උපන් දිනය අද දිනට යෙදී තිබිණ.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමග පාසලේ ක්‍රියාත්මක වන සමස්ත ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්න මතු වී ඇති අතර අධ්‍යාපනික පරිසරයන් තුළ සිසුන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම පිළිබඳ සාමූහික ආවර්ජනයක් වෙත අවධානය යොමු විය යුතු බව පැහැදිලිය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz