කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය

( Mohamed Nazar )

ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දෙවන වරටත් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය අද ෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා .

කණ්ඩායම් අටක් කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී තරග වැදුණා මෙහි සමාරම්භක අවස්ථාවට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක් සහභාගි වූ අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද මේ අවස්ථාවට එක්වුණා
මෙහිදී පක්ෂ විපක්‍ෂය දේශපාලනඥයන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සුභපැතුම් එක් කළා
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් ගේ පවුල්වල දූ දරුවන් වෙත පොත්පත් ප්‍රදානයද මෙහිදී සිදු කළා
සමස්ත ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සුනෙත් හේවාවිතාරනගේ නායකත්වයෙන් යුත් colombo royals සහ සුසන්ත රත්නායකගේ නායකත්වයෙන් යුත් colombo kings කණ්ඩායම වැදුනා.
මුලින් පන්දුවට පහර දුන් colombo royals කණ්ඩායම පන්දු වාර තුනකදී ලකුණු 29 ලබාගත් අතර
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ colombo kings කණ්ඩායමට පන්දුවාර අවසානයේදී පන්දු වාර තුන අවසානයේදී ලබාගත හැකි වූයේ ලකුණු දාසයක් පමණයි
ඒ අනුව colombo royals කණ්ඩායම ශූරතාවය හිමි කරගත්තා
තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස colombo royals කණ්ඩායමේ අමල් ගාල්ලගේ තේරී colombo royals කණ්ඩායමේ අමල් ගාල්ලගේ තිළිම හිමි කර ගත්තා
හොඳම පිතිකරු ලෙස colombo riders කණ්ඩායමේ ප්‍රදීප් වික්‍රමසිංහ තිළිණ ලබා ගත්තා.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස colombo royals කණ්ඩායමේ ලංකාදී සිල්වා තිළිණ හිමි කරගත්තා.
නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා, ත්‍යාග ප්‍රදානයට එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *