යුරෝමනී සඟරාව විසින් HNB හි වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය 5 වන වසරටත් ඇගයීමට ලක් කරයි

  • දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි
  • දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී සම්මාන 4ක් තමන් සතු කර ගැනීමට පසුගියදා සමත් විය.

එම සම්මාන උළෙලේදී වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා ලෙස ගෞරවයට පාත‍්‍ර වූ HNB සිය විශිෂ්ටත්වය සනිටුහන් කරනු ලැබුවේ මෙම ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි කරගත් එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත් වෙමිනි.

ගෝලීය, කලාපීය හා රටවල් මට්ටමින් වෙළෙඳ මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් ඇගයීමට ලක් කරනු ලබන Euromoney Trade Finance Survey කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමට ලක්ව ඇති මිනුම් ලකුණක් ලෙස පෙන්වා දිය හැකිය. යුරෝමනි සඟරාව ලෝකය පුරා විසිරී සිටින 25,000 කට අධික මූල්‍ය නිලධාරීන්, භාණ්ඩාගාර නිලධාරීන් සහ මුදල් කළමනාකරුවන්ගේ ප‍්‍රතිචාර මත පදනම්ව විශේෂ ප‍්‍රමිතීන් යටතේ සිදු කරන සමීක්ෂණයන් තුළින් මෙහි සුදුස්සන් තෝරා ගනු ලබයි.

HNB විසින් හිමි කරගත් ගෞරවය පිළිබඳව අදහස් දක්වමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘’ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නගා සිටුවීම වෙනුවෙන් එහි ව්‍යාපාර දියුණුව සහතික කිරීම ඉතා වැදගත් වනවා. අපගේ සමස්ත බැංකු සමූහය තුළින් සියලූ වෙළෙඳ සේවාවන් එක් කර ගැනීම තුළින් විශාල ප‍්‍රගතියක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මේ නිසාම ලොකු, කුඩා සියලූ ව්‍යාපාරයන් ඔවුන්ගේ ප‍්‍රගතියේ සහකරු ලෙස HNB තෝරා ගැනීමට කටයුතු කර ඇති බව සතුටින් සඳහන් කිරීමට කැමතියි. අප විසින් වෙළෙඳ මූල්‍ය සේවා සඳහා හිමි කරගනු ලැබූ මෙම සම්මානයන් තුළින් මෙරට ව්‍යාපාරවලට ලෝකය සමඟ සම්බන්ධ වීම සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් අපගේ කණ්ඩායමේ කැපවීම මනාව පෙන්නුම් කරනවා.’’ යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආයතනික බැංකුකරණ සමූහය (Wholesale Banking Group) දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ ‘’යුරෝමනී සම්මාන උළෙලේදී ජයග‍්‍රාහකයින් ලෙස අඛණ්ඩව 5 වන වරටත් සම්මානයට පාත‍්‍ර වීමට කැපවීමෙන් කටයුතු කළ අපගේ සමස්ත කණ්ඩායමට මාගේ ස්තුතිය හා සුභ පැතුම් එක් කිරීමට කැමතියි. සෑම විටම අපගේ වෙළෙඳ මූල්‍ය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඵලදායී හා කාර්යක්ෂම අයුරින් ඉටු කර දීම වෙනුවෙන් තාක්ෂණය හා විශිෂ්ට තාක්ෂණික හැකියාවන් උපයෝගී කොට ගැනීමට කටයුතු කරන අප ඒ තුළින් හොඳම සේවාවක් සලසා දීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.’’ යනුවෙනි.

මෙරට බැංකු අතර විශාලතම සහතිකලත් ණය ලේඛන විශේෂඥයින් කණ්ඩායමකින් සමන්විත HNB සංකීර්ණ ගනුදෙනු, අවදානම් අවම කිරීම හා වෙළෙඳ මූල්‍යකරණය සඳහා සරල හා පහසු විසඳුම් සැපයීමට කටයුතු කර ඇත්තේ නව්‍ය තාක්ෂණය හා විශේෂඥ වෘත්තිකයින්ගේ සේවාවද සමඟිනි. ගනුදෙනුකරුවන්ගේ නොමඳ විශ්වාසය දිනාගත් HNB හි සමස්ත වෙළෙඳ ගනුදෙනු ක‍්‍රියාවලිය ISO 9001 2015 තත්ව සහතිකයද හිමි කරගෙන තිබීම විශේෂත්වයකි. නිරන්තරයෙන් වෙනස් වන වෙළෙඳපොල හා දේශීය වෙළෙඳ අවශ්‍යතා අනුව යමින් ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රගමනය වෙනුවෙන් සෑම විටම වේගවත්, කාර්යක්ෂම, විශ්වාසදායී හා පුළුල් විසඳුම් ලබා දීමට HNB හි වෙළෙඳ කණ්ඩායම කැපවී සිටී.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලන හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය යළිත් තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙතින් 2022 වසරේ හොඳම ආයතනික පුරවැසියා (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. තවද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 13 වැනි වරටත් ්‍යභඊ ගෝලීය වශයෙන් ඇගයීමට ලක් කර තිබෙන අතර ඒෂියාමනී (Asiamoney) සඟරාව විසින් ‘‘හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය (SME) බැංකුව’’ ලෙස ද ඇගයීමට ලක් කර තිබේ. මීට අමතරව 2023 වසර සඳහා Business Today සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරට ද HNB ශ්‍රේණිගත කර ඇත.

HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආයතනික බැංකුකරණ සමූහය (Wholesale Banking Group) දමිත් පල්ලෙවත්ත මහතා

HNB වෙළෙඳ ප‍්‍රධානී රොසෑන් ඩි අල්මේදා මහත්මිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *