22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජාත්‍යන්තර මාධ්‍ය සංසදයේ “ලොව දිනන ඇය” ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර මාධ්‍ය සංසදය (ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද “ලොව දිනන ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන පසුගියදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.

එහිදී එදා කථනයෙන් මෙන්ම ලේඛන කලාවෙන් මුළු රටේම ශ්‍රාවකයා මෙන්ම පාඨකයා අවදිකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිවේදිකාවන්ද වන සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, දයා ද අල්විස්, ජ්‍යෙෂ්ඨ පුවත්පත් මාධ්‍යවේදිනි කරුණා පෙරේරා මහත්මියට උත්තම කාන්තා ප්‍රණාම සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

එම සම්මාන ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් අතින් ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී 2016 වර්ෂයේ දී එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාල, රාජගිරිය බෝම්බ පිපිරීමෙන් දෑස් පෙනීම අහිමි වූ විලාසිතා නිර්මාණ ශිල්පිණී අයිෂ්ච⁣ර්යා ජයකොඩි යන මහත්ම – මහත්මීහූ ඉතා හරවත් කාලීන දෙසුම් දෙකක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මයුරි අබේසිංහ, “ජාත්‍යන්තර මාධ්‍ය සංසදයේ” සභාපතිනි ප්‍රවීණ මාධ්‍යවේදීනී සුධර්මා කුලතුංග යන මහත්ම මහත්මීහූ ද, ඇතුලු විශාල මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් රැසක් ද සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz