22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට ජනතාව සිදු කරන කැපකිරීම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුම්..

ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව ඉවසීමෙන් සිදු කරන කැප කිරීම අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වැඩසටහන සාර්ථක වීමට එය ප්‍රධාන හේතුවක් බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී විධායක අධ්‍යක්ෂවරයා මේ බව පැවැසීය. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සතුට පළ කළ සුබ්‍රමනියම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වේගවත් නැගීසිටීම සම්බන්ධයෙන් බංග්ලාදේශය ඇතුළු රටවල් කරුණු විමසන බවයි. විශේෂයෙන් ම බදු ක්‍රමය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් මෙහි දී කරුණු සාකච්ඡා කෙරිණි.

මෙහි දී අමාත්‍ය සියඹලාපිටිය මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය හුදෙක් ආර්ථික අතින් පමණක් නොව ලොව හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීමට හේතු වූ බවයි. එසේ ම මැතිවරණයක් හමුවේ සාම්ප්‍රදායික විපක්ෂයක් සමග කටයුතු කිරීමට සිදු වීම පිළිබඳ අමාත්‍යවරයා මෙහි දී කරුණු පැහැදිලි කළේ ය. ඔවුන් තවමත් සාම්ප්‍රදායික සටන්පාඨ සමග දේශපාලන කටයුතුවල නිතරවීම කණගාටුවට කරුණක් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz