22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සිල්වර් ස්ක්‍රීන් 2023 සම්මාන රාත්‍රිය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී..

ලාංකීය සිනමාව වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදු කළ 1965 – 1969 වසරවලදී ලාංකීය සිනමාවට සම්බන්ධ වූ විවිධ අංශවල කලාකරුවන් වෙනුවෙන් SILVER SCREEN සම්මානනීය රාත්‍රිය පසුගිය අප්‍රේල් 04 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පැවැත්විණ .

50 දශකයේ ජනප්‍රිය සිනමා නළුවකු වූ නැසීගිය ප්‍රවීණ රංගන ශිල්පි සුමිත් බිබිලේ මහතාගේ අදහසක් අනුව ඔහුගේ දියණිය වන ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ විසින් 03 වැනි වරටත් මෙය පවත්වන ලදී .

සිංහල සිනමාවේ දැවැන්තයකු වන රංගධර රවින්ද්‍ර රන්දෙණිය මහතාව ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානයක් සිදු කල අතර, නිලි රැජිණ ලෙස විරුදාවලිය ලත් ජේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුඵ කලාකරුවන් සමග නිසි ඇගයීමට ලක් නොවුණු විශිෂ්ඨ කලාකරුවන් රැසක් ද මෙහිදී ඇගයීමට ලක් විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz