ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොල තොරතුරු ලබා ගැනීමට Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනගයි

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත.

Microsoft Azure OpenAI සේවාව ඇතුළු අති නවීන AI තාක්ෂණයන් භාවිත කරනු ලබන මෙය ආයෝජකයින්, මූල්‍ය විශ්ලේෂකයින් හා අරමුදල් කළමනාකරුවන් වෙත කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම් පිළිබඳ යාවත්කාලීන හා නිවැරදි තොරතුරු සැණෙකින් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දෙයි. www.stockgpt.lk  හරහා දැන් පිවිසීමේ පහසුකම ලබා දී ඇති StockGPT කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම්වල වාර්ෂික වාර්තා, මූල්‍ය හා සංචාරක අංශයන්ට අදාළ වාර්තාවන්හි විශ්වසනීය හා ඍජු මූලාශ්‍ර දත්ත විශ්ලේෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇත.  

ආයෝජනයන් සඳහා කඩිනම් තීරණ ගැනීමට හා කාර්යක්ෂමතාවයට හේතුවන වෙළෙඳපොල පර්යේෂණයන් සඳහා කොටස් තැරැව්කාර සමාගම් මත පමණක් විශ්වාසය තැබීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා කටයුතු කළ පාරිභෝගිකයින් මුහුණ දුන් මූලික අභියෝගයක් වූයේ තොරතුරුවල නොගැලපීමයි. කාලය හා සම්පත් සීමා වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයෝජකයින්ට පූර්ණ අවබෝධයක් ලබා ගැනීම දුෂ්කර විය. එම ගැටළුවලට විසඳුමක් ලෙස නිර්මාණය වූ StockGPT තුළින් කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම්වලට අදාල තොරතුරු පහසුවෙන්, ඍජුවම ලබා ගැනීමට ආයෝජකයින්ට අවස්ථාව හිමි වේ.

StockGPT පරිශීලකයන්ට අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට ඉක්මණින් පිවිසීමේ අවස්ථාව හිමිකර දෙමින් ශ්‍රී ලාංකේය මූල්‍ය වෙළෙඳපොල තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සොෆ්ට්ලොජික් Stockbrokers හි අරමුණ වී ඇත. ඉදිරියේදී තවත් අන්තර්ගතයන් තුළින් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති, කොටස් වෙළෙඳපොල වෙත සම්බන්ධ වන්නන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ට දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් ලෙස පෙන්වා දිය හැකි මෙම යෙදුමට මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොලෙහි සුවිසල් වෙනසක් සිදු කිරීමේ හැකියාව පවතී. සාම්ප්‍රදායික කොටස් තැරැව්කරුවන්ගෙන් ලබා ගන්නා තොරතුරුවල නොගැලපීම, ගතවන කාලය හා සීමාසහිත දැනුම වැනි ගැටළු නිරාකරණය කර දීම සඳහා AI වේදිකාව මත ගොඩනැගුණු StockGPT යොදා ගනු ලබයි. ආයෝජකයින් හට StockGPT තුළින් ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් මෙහිදී දැක්විය හැකිය.

–              X සමාගමෙහි  ප්‍රධාන ව්‍යාපාරික අංශ මොනවාද?

–              X සමාගමෙහි  ස්ථාපිත සම්පූර්ණ ධාරිතාව කොපමණද?

–              X සමාගම 2022 වසරේදී හිමිකම් සඳහා කොපමණ මුදලක් ගෙවා තිබේද?

–              2023 වසරේදී X සමාගම විසින් කොටසකට ගෙවා ඇති ලාභාංශ ප්‍රමාණය කොපමණද?

–              2022 වසරේදී වෙළෙඳපොලෙහි හොඳම සංචාරක ප්‍රභවයන් 5 මොනවාද?

මෙම නවතම සේවාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් Stockbrokers හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැදිගම මහතා “සාම්ප්‍රදායික කොටස් තැරැව්කරුවන්ගේ තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තැබීම හේතුවෙන් ආයෝජකයින් මුහුණ දෙන අභියෝගයන්ට විසඳුමක් ලෙස සුවිශේෂී StockGPT වැඩසටහන ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව  ඉතාමත් සතුටට පත් වෙනවා. වෙළෙඳපොල තුල සුවිසල් වෙනසක් ඇති කිරීමට සමත් වන මෙම වැඩසටහන හරහා ආයෝජකයින් වෙත විශ්වසනීය තොරතුරු ලබා දෙමින් විශිෂ්ට, කාර්යක්ෂම හා පරිපූර්ණ මූල්‍ය වෙළෙඳපොලක් නිර්මාණය කිරීම සඳහා අප කටයුතු කරනවා. මෙරට මූල්‍ය අංශයේ වර්ධනය හා නව්‍යකරණය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන Stockbrokers අද වන විට දැකිය හැකි විශිෂ්ට ආයෝජන පරිසරය තුල තමන්ගේ තරාතිරම කුමක් වුවත් සියලු පාර්ශවකරුවන්ට සාර්ථකත්වය සඳහා  අවැසි සෑම මෙවලමක්ම මේ තුළින් සපයා ගත හැකියි.” යනුවෙන් සඳහන් කරන ලදී.

StockGPT සඳහා ජාත්‍යන්තර තාක්ෂණයන් භාවිත කිරීම තුළින් පාරිභෝගිකයින් වෙත ලබා දෙන සියලු දත්තයන් වෙත ජාත්‍යන්තර තත්වයේ ආරක්ෂාවක් සහතික කරනු ලබන අතර ඊට භාවිත කරන Microsoft OpenAI වැනි තාක්ෂණයන් හේතුවෙන් එහි විශ්වාසදායී බව හා ආරක්ෂිත තව දුරටත් ඉහළ යනු ඇත. සේවාලාභීන් කේන්ද්‍ර කර ගැනීම සඳහා මෙම නවෝත්පාදනය තුළින් මඟ පෙන්වනු ලබන්නේ පළපුරුදු වෘත්තිකයින්ගේ සිට නවක ආයෝජකයින් දක්වා සෑම ආයෝජකයකුටම සැණෙකින් මූල්‍ය වෙළෙඳපොල පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලෝජික් ලයිෆ්හි ප්‍රධාන ඩිජිටල් නව්‍යකරණ නිලධාරී සාරංග විජේරත්න මහතා සඳහන් කර සිටියේ “ නව්‍ය තාක්ෂණය තුළින් අපගේ විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යාමට කැපවූ සොෆ්ට්ලොජික් Stockbrokers හි අපගේ අභ්‍යන්තර කණ්ඩායම පිළිබඳ ඉතාමත් සතුටුයි. විශේෂයෙන් වෙළෙඳපොල පර්යේෂණයන් හා ආයෝජන අත්දැකීම් ඉහළ නැංවීම සඳහා වන අපගේ දැක්ම අනුව යමින් අපගේ කණ්ඩායමේ සාමූහික උත්සාහයන් තුළින් යථාර්තයක් බවට පත් වූ දූරදර්ශී වැඩපිළිවෙලක් ලෙස මෙය සඳහන් කළ හැකියි. පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් අති නවීන තාක්ෂණය යොදා ගැනීමේ අපගේ හැකියාව පිළිබඳ කදිම සාක්ෂියක් ලෙසද StockGPT පෙන්වා දිය හැකියි. එසේම මේ තුළින් අපගේ ආයතනික හැකියාවන් පිළිබඳව මෙන්ම වඩා වැඩි සේවාවක් ලබා දීම වෙනුවෙන් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අප ආයතනය දරනු ලබන උත්සාහය මෙයින් මනාව පිළිබිඹු වනවා.” යනුවෙනි.

මූල්‍ය ක්ෂේත්‍රය වෙත නව ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් පළමු ඩිජිටල් විසඳුම හඳුන්වාදුන් සොෆ්ට්ලොජික් Stockbrokers ඒ තුළින් මූල්‍ය සේවා අංශය තුළ බෙහෙවින් කතා බහට ලක් විය. නව ආයෝජකයින් වෙත කොළඹ කොටස් වෙළෙඳපොලේදී සිය මධ්‍යම තැන්පතු පද්ධති (CDS) පැයක් ඇතුළත් විවෘත කිරීමේ පහසුව ලබා දෙන ඔන්ලයින් සේවාවක් හඳුන්වා දීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කිරීම එහි එක් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. මෙම නවතම සේවා තුළින් 100% ඩිජිටල් ක්‍රියාවලියක් හරහා 5000කට අධික ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් ඇතුළත් කළ ප්‍රථමයා බවට පත්වීමට සොෆ්ට්ලොජික් Stockbrokers කටයුතු කළේ ද සුවිසල් වර්ධනයක් අත්කර දෙමිනි.

පසුගිය වසර 10ක කාලය තුළ දේශීය හා විදේශීය ගනුදෙනුකරුවන් දහස් ගණනකට තම වත්කම් ඉහළ නංවා ගැනීම දක්වා දායක වෙමින් සොෆ්ට්ලොජික් Stockbrokers පුද්ගල හා ආයතනික ආයෝජකයින් කිහිපදෙනෙකුට සිය කොටස් ආයෝජනය කිරීමේ අවස්ථාව ලබා දෙන ලදී. වෙළෙඳපොල දැනුම ඉහළ නැංවීමට මෙන්ම මූල්‍ය තීරණ ගැනීමේදී ගනුදෙනුකරුවන් වෙත සහාය දැක්වීම වෙනුවෙන් වෙනස්වන වෙළෙඳපොල තත්වයන් නිරන්තර අධ්‍යයනයට ගක් කරන විශිෂ්ට පර්යේෂණ කණ්ඩායමක් සොෆ්ට්ලොජික් Stockbrokers සතුය.

සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී අනුබද්ධ ආයතනයක් වන සොෆ්ලොජික් Stockbrokers සොෆ්ට්ලොජික් සමූහයේ මූල්‍ය සේවා අංශයේ කොටසක් ලෙස හැඳින්විය හැකිය. පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සහ මූල්‍ය සේවාවන්හි විවිධ වූ අවශ්‍යතා සමඟින් විශාල පාරිභෝගික පදනමකට සොෆ්ට්ලොජික් සමූහය හිමිකම් කියයි.

වමේ සිට – සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන ඩිජිටල් නව්‍යකරණ නිලධාරී සාරංග විජයරත්න සහ සොෆ්ට්ලොජික් Stockbrokers හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැදිගම යන මහත්වරුන්

ඡායාරූපය 2 – Stockbrokers නිර්මාණය කළ කණ්ඩායම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *