HNB 14 වැනි වරටත් හොඳම ආයතනික පුරවැසියන් 10 අතරට එක් වෙමින් 2023 BCCSA සම්මාන උළෙලේදී ගෞරවයට පාත‍්‍ර වෙයි

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තිරසාරත්වය, යහපාලනය හා ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා නිමාව දුටු ලංකා වාණිජ මණ්ඩලයේ Best Corporate Citizen Sustainability Awards 2023 හිදී යළිත් සම්මාන දිනා ගැනීමට සමත් විය.

වසර 14ක් පුරා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත් වූ HNB බැංකු ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය මනාව ප‍්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත. තවද මෙම සම්මාන උළෙලට අමතරව ආයතනික විශිෂ්ටත්වයන් ඇගයීමේ විවිධ සම්මාන උළෙලවලදී කාණ්ඩ 11ක් යටතේ විශිෂ්ට සම්මානයන් රැසක් තමන් සතු කර ගැනීමට HNB සමත් වීම විශේෂත්වයකි.

සිය මෙහෙයුම් තුළදී පමණක් නොව සියලූ ශ‍්‍රී ලාංකිකයින් වෙත තිරසාර අනාගතයක් උරුම කර දීම වෙනුවෙන් සිය කැපවීම මනාව ප‍්‍රදර්ශනය කිරීමට HNB සමත් වූයේ සිය සේවකයින්ගේ හරිත ප‍්‍රතිඥාව ද සමඟිනි. තවද HNB 2023 සැප්තැම්බර් 30 දින වන විට රුපියල් බිලියන 49.5ක සමස්ත හරිත මූල්‍ය කළඹක් අත්පත් කර ගැනීමට සමත් වූ හරිත බැංකු ක‍්‍රියාවලිය සහතික කිරීමට කටයුතු කර ඇත්තේ Sri Lanka Climate Fund හි කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සම්බන්ධ නිල සහතකිකය හිමි කර ගනිමිනි. සිය පාරිසරික, සමාජ හා පාලන ක‍්‍රියාවලිය හරහා හරිත ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් සහ වැඩසටහන් හා ව්‍යාපෘති පවත්වාගෙන යාමට HNB කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *