ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ පස්වැනි වරටත් සාර්ථකව අවසන් වෙයි

HNB ගැමි පුබුදුව වැඩසටහනේ අභිමානවත් 35 වසරක ගමන්මග සමරයි

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පස්වන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අපේ‍්‍රල් මස 6 සහ 7 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් 125 කට අධික ප‍්‍රමාණයක් තම නිෂ්පාදන ගැමි පුබුදුව අවුරුදු පොළේදී ප‍්‍රදර්ශනය කළ අතර ඔවුන්ට තම නිෂ්පාදන අලෙවියට අතිරේකව නව වෙළඳපොල අවස්ථාවන් හිමි වීමද මෙහිදී විශේෂත්වයක් විය.

කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සහාය වීමේ අරමුණින් බැංකුව විසින් දියත් කළ ණය ප‍්‍රදානය යටතේ ප‍්‍රතිලාභලැබූවන් ද සිය නිෂ්පාදන මෙම ගැමි පුබුදුව අවුරුදු පොළට එක් කර තිබීම තවත් සුවිශේෂත්වයකි.

HNB හි වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි දමිත් පල්ලෙවත්ත මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා විය. මීට අමතරව HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර මූල්‍ය රජීව් දිසානායක, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික සේවා බැංකුකරණ සමූහය සන්ජේ විජේමාන්න, HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශ ප‍්‍රධානී මහින්ද සෙනෙවිරත්න ඇතුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, චතුර ආරියදාස, නියෝජ්‍ය අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක යන මහත්වරුන් සහ හැටන් නැෂනල් බැංකුවේ ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද මෙයට සහභාගී විය.

අපේ‍්‍රල් මස 6 සහ 7 යන දිනයන් හීදී පැවති මෙම අවුරුදු පොළ සඳහා ඉතා විශාල නරඹන්නන් පිරිසක් පැමිණි අතර ව්‍යවසායකයින් විසින් එළවලූ, පළතුරු, ආයුර්වේද නිෂ්පාදන, මල්, අත්කම් නිර්මාණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, සාම්ප‍්‍රදායික කැවිලි වර්ග සහ පිත්තල භාණ්ඩ යනාදී නොයෙක් නිෂ්පාදන අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබිණි. මෙහිදී HNB SOLO භාවිත කර 40%ක් දක්වා විශේෂ මිල අඩු කිරීම් හිමි කරගැනීමට මෙයට සහභාගීවූවන්ට හැකි විය. ග‍්‍රාමීය කර්මාන්තයන්ට සහ ක්ෂුද්‍ර ව්‍යවසායිකයින්ට මෙය සැබවින්ම නවමු අත්දැකීම් එක් කරන සහ නව ව්‍යාපාරික අවස්ථාවන් උදා කරන වෙළඳ ප‍්‍රදර්ශනයක් විය.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ වර්ධනය වෙනුවෙන් ඔවුන් හා සමීපව කටයුතු කරන HNB මෙරට ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් කිරීමේ නිශ්චිත අරමුණ සහිතව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) ක්ෂේත‍්‍රයට ඇතුළු වූ පුද්ගලික අංශයේ පළමු වාණිජ බැංකුව බවට පත් විය. මේ ක්ෂේත‍්‍රයේ ඇති දශක තුනකට අධික සේවා අත්දැකීම් සමඟ HNB, ව්‍යවසායක සංවර්ධනය වේගවත් කිරීමට සහ කුඩා ව්‍යාපාර වර්ධනයට අතහිත ලබා දීමට හැකි වීම පිළිබඳව සාඩම්බර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *