ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියටක් කටයුතු කිරීමට සූදානම්- ඉරාන ජනපති

ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියටක් කටයුතු කිරීමට සූදානම්- බව ඉරාන ජනපති  ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය. “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් ඊයේ (24) පෙරවරුවේ ජනතා අයිතියට පත්  කළ අතර,  ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව  කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඉරාන  ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා,

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.

මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වඩා වැදගත් වන්නේ ඒ තුළ පවතින අප රටවල් දෙක අතර සහ ජනතාවගේ කැමැත්ත සහ අධිෂ්ඨානය බව කිවයුතුයි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව මම ප්‍රකාශ කිරීමට කැමතියි. පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *