22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වාහන මිළදී ගන්න හැටි ඇමති සියඹලාපිටිය කියයි..

නීති විරෝධී ක්‍රම ඔස්සේ ආනයනය කෙරුණු කෝටි 700ක් වටිනා වාහන 112ක් සොයා ගැනේ.
වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්නැයි ඇමැති සියඹලාපිටිය ඉල්ලයි.

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 2015 සිට 2022 න් විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රාජසන්තක කිරීම සිදු කිරීමට නියමිතයි.
රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්වල වගකීම බවයි, අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz