සම්බන්ධතා රහිත ගෙවීම් සඳහා වන ගෝලීය ප්‍රවණතාවය අඛණ්ඩව ඉහළ යමින් පවතින අවස්ථාවක, සම්පත් බැංකුව විසින් සිය නවතම ‘Sampath PayBand’ බහුකාර්ය ගෙවීම් පළඳනාව සාඩම්බරයෙන් එළි දක්වයි. ලංකාවේ වත්මන් ගෙවීම් ක්‍රමවේදයන් නව මානයකට ගෙනයමින් සම්පත් බැංකුව විසින් හඳුන්වාදෙන මෙම පෙරළිකාර ‘Sampath PayBand’ උපාංගය නව පරපුර සහ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ පාරිභෝගිකයන්ගේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතාවයන් සපුරාලනු ඇත. මෙරට පළමු පැළඳිය හැකි බහුකාර්ය ‘Sampath PayBand’ උපාංගය පහසු සහ වඩාත් ආරක්ෂිත ගණුදෙනු සඳහා නව යුගයක් සනිටුහන් කරයි.
පාරිභෝගික අත්දැකීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති ‘Sampath PayBand’ යනු, සම්පත් බැංකු ඉතුරුම් ගිණුම් සමඟ ඒකාබද්ධ කර ඇති ගෙවීමේ චිප් පතක් සහිත අතේ පැළඳිය හැකි උපාංගයකි. මෙම අති නවීන උපාංගය මඟින් පරිශීලකයන්ට පහසුවෙන් ඕනෑම NFC සක්‍රීය POS ගෙවීම් උපකරණයක් තුළ ආයාසයකින් තොර ‘tap’ කිරීමක් මඟින් ඕනෑම ගණුදෙනුවක් පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව සලසා දෙයි. අතපසු වූ මුදල් පසුම්බි, අස්ථානගත වූ කාඩ්පත් සහ අනෙකුත් කරදරකාරී ගෙවීම් ක්රමයන්හි කාලය අවසන් කරමින් ‘Sampath PayBand’ සෑම ගෙවීමකදීම ඔබට අසමසම පහසුවක් ගෙනෙනු ඇත.
සම්පත් බැංකුවේ අපි, අපගේ ගණුදෙනුකරුවන්ගේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතා සපුරාලීම සඳහා නවෝත්පාදනයන් මෙහෙයවීමටත්, නවීන තාක්ෂණයන් වැළඳ ගැනීමටත් කැපවී සිටිනවා” යනුවෙන් පැවසූ, සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (කාඩ් මධ්‍යස්ථාන), ශිරාන් කොස්සින්න මහතා මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ‘Sampath PayBand’’ හඳුන්වාදීමත් සමඟ පහසු සහ මුදල් රහිත ගෙවීම් ක්‍රම මඟින් පාරිභෝගිකයන්ට බාධාවකින් තොර සාප්පු සවාරි අත්දැකීම් ලබාදීම ඔවුන්ගේ අරමුණ බවයි.
‘Sampath PayBand’ පරිශීලකයන්ට ලබාදෙන ප්රතිලාභ:
පහසුව: සරල ‘tap’’ කිරීමක් හෝ ‘wave’ කිරීමක් මඟින් ගෙවීම් කිරීමේ හැකියාව.
නව්‍යත්වය: බාධාවකින් තොර ගණුදෙනු සඳහාම වූ අති නවීන තාක්ෂණය යොදා ගැනීම.
වේගවත්: සාම්ප්‍රදායික ක්‍රම අභිබවන වේගවත් ගණුදෙනු සඳහා වන හැකියාව.
ඵලදායීතාව: ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පැළඳිය හැකි තාක්ෂණය යොදා ගැනීම.
ජීවන රටාවට සරිලන බව: පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන නව තාක්ෂණික ක්‍රමවේදයක් සහිත වීම.
ලොව පුරා ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරුව සඳහා පහසුකම් සපයන ගෝලීය ගෙවීම් කාඩ්පත් සේවා සංස්ථාවක් වන VISA සමඟ සහයෝගීතාවයෙන් දියත් කරන ලද ‘Sampath PayBand’ වර්තමාන ගණුදෙනුකරුවන්ගේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතා සපුරාලන අති නවීන බැංකු විසඳුම් සහ සේවා සැපයීම සඳහා වන ආයතනික කැපවීම පිළිබිඹු කරමින්, ගණුදෙනුකරුවන්ට වඩාත් පහසු සහ ආරක්ෂාකාරී ගණුදෙනුවක සැබෑ තෘප්තිය පිරිනමයි.
ඔවුන්ගේ භාවිතය සඳහා නිෂ්පාදනයක් තෝරාගැනීමේදී පහසුව, බහුකාර්යත්වය සහ විලාසිතාවන් පිළිබඳව සැලකිළිමත් වන ‘Gen Z’ පරම්පරාවට සහ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ගණුදෙනුකරුවන්ට ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන‘Sampath PayBand’ අව්ව, වැස්ස මෙන්ම රැකියාවේදී සහ උත්සව අවස්ථා යන ඕනෑම අවස්ථාවකට ඔබින අද්විතීය තෝරා ගැනීමක් වනු ඇත.
දැනට පවතින සහ නව ගිණුම් හිමියන්ට ජුනි මස මැද භාගයේ සිට සිට තෝරාගත් සම්පත් බැංකු ශාඛා වලින් ‘Sampath PayBand’ ලබාගත හැකිවන අතර එහිදී, ගණුදෙනුකරුවන්ට අවශ්‍ය නම් උපාංගයක් ලබාගැනීමෙන් පසු සැකසීම, භාවිතය සම්බන්දයෙන් පාරිභෝගික නියෝජිතයෙකුගෙන් සහය සහ මඟ පෙන්වීම ලබාගත හැකිය.
සිය ගණුදෙනුකරුවන්ට පුළුල් පරාසයක, නව්‍ය මූල්‍ය නිෂ්පාදන සහ සේවාවන් ලබාදීම වෙනුවෙන් කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව, විශිෂ්ඨත්වය සහ පාරිභෝගික තෘප්තිය සඳහා නොසැලෙන කැපවීමක් සමඟින් බැංකු ක්ෂේත්රයේ වර්ධනය සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාමට නිරන්තරයෙන්ම ඇප කැප වේ.