22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශෝක පණිවුඩය

අප ජාතියට විශිෂ්ට සේවාවක්  කොට, ආඩම්බරයක් උදා කරමින් ජාතිය පණගැන්වූ ඉහළම තලයේ විද්වතෙකු වූ ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට අපගේ උතුම් ගෞරවය පුද කරමු. අප රටට, ජනතාවට, සිංහල ජාතියට විසල් මෙහෙවරක් ඉටුකළ ආචාර්ය නලීන් ද සිල්වා මැතිතුමන්ගේ අභාවය දැයට මහත් හිඩැසක් ඇති කරනු නියතය.

මාතෘභූමිය ගතකළ අසීරුතම දශක හරහා එඩිතරව ජාතිය වෙනුවෙන් කැප වී, නිර්මාණශීලීව ජාතිය අවදි කළ  ඔහු දුර්ලභ විද්වතෙකි. දීර්ඝ කාලයක් ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කිරීමට හා කටයුතු කිරීමට ලැබීම මේ අවස්ථාවේ ගෞරවයෙන්  කෘතවේදීව සිහිපත් කරමි.

ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ වියෝවෙන් ශෝකයට පත් බිරිඳ දරුවන්, ඥාති මිත්‍රාදීන් හා සහසම්බන්ධිත සැමට සංවේගය පළ කරමි. ආචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාට  සදා නිසංසල නිවන් සුව අත්වේවා.

දිනේෂ් ගුණවර්ධන ( පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024.05. 03

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz