22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් 2024 තරඟාවලිය

ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් 2024 තරඟාවලිය පසුගිය අප්‍රේල් 21වන දා දියතලාව ෆොක්ස්හීල් ධාවනපථයේ දී පැවත්වුනා. 1993 දි දිවයිනේ සමාරම්භක ධ‍ාවන ඉසව්ව ලෙස ආරම්භ කරන ලද ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් ශ්‍රී ලංකාවේ අසම සම මොටර් රථ අත් දැකීමක් ලබා දෙන විශාලතම මෝටර් රථ ධාවන ඉසව්ව ‍වනවා. ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා යුධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව සහ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨය විසින් මෙම තරඟාවලිය සංවිධානය කලා. එහි දී ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් 2024 තරඟාවලියේ සුපර්මොටෝ 125 cc සිට 750cc ධාරිතාව යටතේ පවත්වන ලද යතුරු පැදි ධාවන තරඟයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ඉසුරු මධුරංග පළමු ස්ථානය ලබා ගත්තා. එහිදි ඉමල් මංචනායක ‍දෙවන ස්ථානයත් බුද්ධික සෙනවිරත්න තෙවන ස්ථානයත් ලබා ගත්තා. විසි නවවන වියෙහි පසුවන ඉසුරු මධුරංග අවුරුදු අටක යතුරු පැදි ධාවන තරඟ අත් දැකීමක් ඇති අතර ඔහු තරඟාවලි රැසක හොඳින් දක්ෂතා පෙන්වූ තරඟකරුවෙකි. පසුගිය දා දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති තරඟාවලි රැසක දී පිට පිට පළමු ස්ථාන ලබාගත් දක්ෂ තරඟකරුවෙකි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz