සැම්සුන්ගෘහ විදුලිඋපකරණ කාණ්ඩයේ විශිෂ්ටයා ලෙස LMD හි Most Loved Brands Awards 2024හිදී ගෞරවයට පාත්‍රවෙයි

2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ තුළින් කර්මාන්තයේ ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට කටයුතු කර ඇති සැම්සුන්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය ගෘහ විදුලි උපකරණ සන්නාමය ලෙස ඉමහත් ගෞරවයක් අත්පත් කරගෙන ඇත.

LMD සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන එහි පාඨකයින් වඩාත් ආදරය කරන මෙම සන්නාම ඇගයීම තුළින් ශ්‍රී ලාංකේය සන්නාමයන් පිළිබඳව මෙරට පාරිභෝගික කැමත්ත මනාව ප්‍රදර්ශනය කරනු ලබයි. විධිමත් සමීක්ෂණ හා ඇගයීම්, පාරිභෝගික ප්‍රතිචාර, සන්නාමය පිළිබඳ අවබෝධය හා වෙළෙඳපොල කාර්ය සාධනය තුළින් විවිධ අංශවල සන්නාම විශිෂ්ටත්වයන් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු වේ.

සැම්සුන් ශ්‍රී ලංකාවේ ගෘහ විදුලි උපකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සන්නාමය ලෙස සම්මාන දිනා ගනු ලැබුවේද ඒ අනුවයි. ඒ තුළින් පිළිබිඹු වන්නේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් වූ සැම්සුන්හි කැපවීමයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවන් අවබෝධ කර ගනිමින් ඔවුන් වෙත පෙරලිකාර නිෂ්පාදන හා සේවාවන් රැසක් හඳුන්වා දීමට සැම්සුන් කටයුතු කරනු ලැබුවේ නවතම තාක්ෂණයේ අසමසම නිෂ්පාදන නිරන්තරයෙන් හඳුන්වා දෙමිනි. විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයා ලෙස මෙන්ම ශ්‍රී ලාංවේද ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය අඛණ්ඩව තහවුරු කිරීමට සමත්ව ඇති සැම්සුන් ගෘහ විදුලි උපකරණ ක්ෂේත්‍රය අද්විතීය සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට සමත්ව ඇත්තේ පාරිභෝගික අත්දැකීම්ද නව්‍යකරණයට ලක් කරමිනි.

මෙම සුවිශේෂී පිළිගැනීම පිළිබඳව අදහස් දැක් වූ සැම්සුන් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “නව්‍යකරණය තුළින් ඉදිරියට යමින් විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් සකස් කිරීමට සැම්සුන් නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ නිසාම LMD පාඨකයින් වඩාත් ආදරය කරන ගෘහ විදුලි උපකරණ සන්නාමය ලෙස ශ්‍රී ලංකාව තුළ ගෞරවයට පාත්‍ර වීමට අපට හැකියාව උදා වුණා. ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ අපගේ සේවක සේවිකාවන්ගේ කැපවීම හා සැම්සුන් නිෂ්පාදන පිළිබඳ පාරිභෝගික විශ්වාසය එම සම්මානය තුළින් මනාව ප්‍රදර්ශනය කිරීමට අපට හැකියාව උදා වුණා. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත අති නවීන තාක්ෂණයේ ගෘහ විදුලි උපකරණ හඳුන්වා දෙමින් ඔවුන්ගේ ජීවිතයට අසමසම අත්දැකීමක් එක් කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වන අප හෙට දවසේදීත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා” යනුවෙනි.

මෙහිදී සියලු පාරිභෝගිකයින් වෙත දැරිය හැකි මිලකට සැම්සුන් නිෂ්පාදනයක් ලබා දීම පිළිබඳව අදහස් දැක්වූ CE Biz හි ප්‍රධානී සහ අධ්‍යක්ෂ සබ්රි අන්සර් මහතා සඳහන් කර සිටියේ සැම්සුන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත උසස්ම තත්වයේ හා නවතම නිෂ්පාදන ලබා දීමට කටයුතු කරන බවයි. එසේම සැම්සුන් නිෂ්පාදන මිලදී ගැනීමේදී මාස 60ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයන් හඳුන්වා දීමට කටයුතු කර ඇති සැම්සුන් ඒ තුළින් පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ නංවමින් වියදම් අවම කර ගැනීමේ අවස්ථාවද සලසා දී ඇති බව ඒ මහතා සඳහන් කරන ලදී. එහිදී විශේෂයෙන් ග්‍රාමීය පාරිභෝගිකයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති සැම්සුන් විවිධ කායන්හිදී දීමනා හා වට්ටම් තුළින් පාරිභෝගිකයින් වෙත තව තවත් ප්‍රතිලාභ ලබා දීමටත් කටයුතු කර ඇති බව සබ්රි මහතා සඳහන් කරන ලදී.

සිය නිෂ්පාදනවල විශිෂ්ටත්වය යළිත් තහවුරු කළ සැම්සුන් ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට ද කටයුතු කරයි. සිය නිෂ්පාදනයක් දීර්ඝ කාලයක් භාවිත කළ හැකි බව වගකීමක් සහිතව විශ්වාසයෙන් සඳහන් කිරීමට ඒ තුළින් සැම්සුන් සන්නාමයට හැකි වී ඇත. දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ගෝලීය අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ගෘහ විදුලි උපකරණ සන්නාමයක් ලෙස පාරිභෝගිකයින් වෙත අසමසම අත්දැකීමක් එක් කරමින් විශිෂ්ටත්වයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *