22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රේගුවේ සියලු වෙන්දේසි මාර්ග ගත ක්‍රමයට සිදු කිරීමේ කටයුතුවලට ලබන සතියේ මුල පුරන බව ඇමැති සියඹලාපිටිය කියයි..

රේගු දෙපාර්තමේන්තුවේ සියලු වෙන්දේසි මාර්ග ගත ක්‍රමයට සිදු කිරීමට අදාළ මූලික කටයුතු ලබන සතියේ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ අනුව කිසිදු බලපෑමකින් තොරව සියලු ම පාර්ශ්වයන්ට නිවසේ සිට ම අදාළ වෙන්දේසි සඳහා සම්බන්ධ විය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රේගුව මගින් භාණ්ඩ වෙන්නේදි කිරීමේ දී විවිධ සංවිධනාත්මක කණ්ඩායම්වල බලපෑම් එල්ල වූ අවස්ථා පිළිබඳ අවස්ථා කිහිපය දී තොරුතුරු වාර්තා විය. අමාත්‍යවරයා පවසන්නේ සිදුවීමෙන් සිදු වීමට පිළියම් සෙවීම වෙනුවෙන් එවැනි තත්ත්වයන් උද්ගත විය හැකි සමස්ත ක්‍රියාවලියට ම සාර්ථික විසඳුමක් ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි. ඒ අනුව ලබන සතියේ අදාළ සේවාව සැපයිමට ටෙන්ඩර් කැඳවීම අරඹන බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන්.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz