22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වසර 265 ක් පැරණි රුසියාවේ මොස්කව්හි ප්‍රමුඛතම රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ලංකාවට

වසර 265 ක් පැරණි රුසියාවේ මොස්කව්හි සෙචෙනොව් රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ශාඛාවක් මෙරට පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම සඳහා එම විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් මේ දිනවල ලංකාවේ සංචාරයක නිරත වනවා.

මීට අමතරව එම විශ්ව විද්‍යාලය මඟින් මෙරට රුසියානු මධ්‍යස්ථානයේ, රුසියානු භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
වසර 265 ක් පමණ පැරණි සෙ⁣චෙනොව් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් ග්ලිවියෙච්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස අද පෙරවරුවේ රුසියානු මධ්‍යස්ථානයේදී මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් සිදුකළා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා පොපෝවා මහත්මිය,රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මෙන්ම ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්ව සංගමයේ ලේකම් වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම නියෝජිත කණ්ඩායම ලබන සඳුදා සෞඛ්‍ය ඇමතිවරයා,අධ්‍යාපන ඇමතිවරයා සහ වෛද්‍ය සංගමයේ සභාපතිවරයාද හමුවීමට සූදානම්ව සිටිනවා.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මෙන්ම ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්ව සංගමයේ ලේකම් වෛද්‍ය සමන් වීරසිංහ මහතා සිංහල භාෂාවෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර,විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් රුසියාව වෙත වෛද්‍ය අධ්‍යාපනය සඳහා යන සිසු සිසුවියන්ට මෙම වැඩපිළිවෙල ඉතා ඵලදායක වනු ඇති බවද සඳහන් කරනවා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz