22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

“නොකළ යුත්තේ කුමක්ද” කතිකාව පානදුර වයිට් හෙවන් හෝටලයේ දී

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අලුතෙන් හිතමු ජාතික සාමූහිකය විසින් සංවිධානය කරනු ලැබූ “නොකළ යුත්තේ කුමක්ද” කතිකාව ඊයේ (15) පානදුර වයිට් හෙවන් හෝටලයේ දී පැවැත්වුණා.

මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, හිටපු පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර, ප්‍රවීණ කලාකරු අර්ජුන කමලනාත්, නව ජනතා පෙරමුණ නියෝජනායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරුන් දේශන පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාවට කළුතර වස්කඩුව ශ්‍රී සුභූති රජමහා විහාරස්ථානය සහ කොටහේන දීපදුත්ථාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති, අමරපුර මහනිකායේ සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය ද එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායක සුනිල් සිල්වා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් හා විශාල පිරිසක් එක්ව සිටියා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz