22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු ඔය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු ඔය ව්‍යාපෘතිය නිරීක්ෂණය

‘මල්වතු ඔය ව්‍යාපෘතිය’ නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, (2024.06.15) තන්තිරිමලේ රාජමහා විහාරයේ සිට සැලසුම් පරීක්ෂා කල අවස්ථාව.

ගොවිබිම් ඉඩම් හෙක්ටයාර් 22,000 කට වාරි ජලය සපයමින්, සහල් සහ අතිරේක භෝග නිෂ්පාදනය කෙරෙන මල්වතුඔය ජල මූලාශ්‍ර කොටගත් මෙම ව්‍යාපෘතිය මගින් මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීම හරහා මෙගාවොට් 50ක විදුලිය නිපදවීමත්, මලවතු ඔය කුඩා ජලවිදුලි පද්ධතියෙන් මෙගාවොට් 1.6 ක විදුලිය ජනනය කිරීමට නියමිතව ඇත.

තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර මෙම අවස්ථාවට එක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz