22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

උතුම් ගුණධර්ම පෙරදැරි කොටගත් සමාජය උදෙසා වන පින්බර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙළගැසෙමු. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

පොසොන් පණිවුඩය
නිර්මල බුදු දහම රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ සුවිශේෂීම දිනයයි.
ජාතිය වටා නිර්මල ආගමික දර්ශනයක් පොබ කරමින් වසර දහස් ගණනක් පැවැති කෘෂිකාර්මික අර්ථ ක්‍රමය වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පයෙන් තවද අර්ථ ගැන්වූ යුගයක ආරම්භයයි.
ආගමික, ශාසනික, සංස්කෘතික, අධ්‍යාත්මික, පාරිසරික, සාමාජයීය හරපද්ධතීන් පමණක් නොව නවමු සංකල්පයන් රැසක් සමාජගත කළ වකවානුවයි.
ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලක්වැසියා පෙරට ආවේ මේ මහා දර්ශනයෙහි ජීව ගුණයෙනි. ඒ උතුම් ගුණධර්ම පෙරදැරි කොටගත් සමාජය උදෙසා වන පින්බර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙළගැසෙමු.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2024 ජුනි මස 20

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz