• සුද්දා මේ රටට එනකොටත් අපි හැම අතින්ම දියුණු ජාතියක්…
• අපිව යටත් කරගන්න කොටත් දියුණු ජාතියක්…
• අධිරාජ්‍යවාදින් පරාජය කළ පළමු ජාතිය අපි… ඒ සිතාවක මායාදුන්නේ හා රාජසිංහ රජවරුයි…
• ඉතිහාසයෙන් වසන් කරන්නේ ඒ රණශූරත්වයයි…
• මෙතෙක් පර්යේෂණ නොවුණු සීතාවක පර්යේෂණකරුවන්ට තෝතැන්නක්..
- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ සීතාවක කෞතුකාගාරය පොදුජන අයිතියට පත්කිරීමේ (2024.07.21) අවස්ථාවට එක්වෙමිණි.
මෙම කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක වියදමින් හා නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අවිස්සාවේල්ල නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිල්ලක ඉදිකර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
“පෞඩ ඉතිහාසයක තොරතුරු අනාගත පරම්පරාවට දායාද කරන ස්ථානයක් මේ කෞතුකාගාරය. ලොව ආක්‍රමණය කරන්න සවිය තිබූ බටහිර හමුදාවන් පරාජය කරපු මායාදුන්නේ හා සීතාවක රාජසිංහ රජවරු ලොව සොලවපු රාජ්‍ය නායකයෝ.
අපේ රටට පළමුව ආවේ ලන්දේසීන්. ඔවුන්ගේ නම් ගම් ටිකක් ගත්තා මිසක් භාෂාව ඉගෙන ගත්තේ නැහැ. ඊට පස්සේ පෘතුගීසින් ආවාම තරමක් භාෂාව ව්‍යාප්ත වෙලා නම් ගම් ටිකක් එකතු වුනා මිසක් ගැඹුරින් භාෂාව ඉගෙන ගත්තේ නැති නිසා ඒ භාෂාව ශ්‍රී ලංකාවෙන් මැකී ගියා.
ලෝකයේ පළවෙනි අධිරාජයා මෙල්ල කළ අය විදියට අපි ආඩම්බරයි. සුදු ආණ්ඩුව ආවේ පස්සේ. පළවෙනියට ආවේ පෘතුගීසීන්. සුද්දා මේ රටට එනකොටත් අපි හැම අතින්ම දියුණු ජාතියක්. අපිව යටත් කරගන්න කොටත් දියුණු ජාතියක්. ගංගාවල්, තොටුපොළවල් හරහා රටේ සොභාවික වස්තුව නිෂ්පාදනය ලෝකවාසීන් සමඟ ගනුදෙනු කරන්න අපේ ආදි ජනයා පියවර ගෙන තිබුණා. ඒවා සොයාගෙන ආ අය ඊටත් වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට දැරූ උත්සාහය ව්‍ය්ර්ත කර අපේ නිදහස පිණිසයි මේ රණවිරු රාජ්‍ය නායකයින් දෙදෙනා සාර්ථකව සටන් කළේ. රණවීරත්වය පමණක් නෙවෙයි, උපාය, පාලන තන්ත්‍රයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පිවිසුණු ඒ ක්‍රියාවලිය පිළිබදව තවමත් අධ්‍යයනයක් කෙරිලා නැහැ. එදා ගැඹුරින් එවැනි අධ්‍යනයක් කරන්න අපට ඕනෑකම තිබුණේ නැහැ.
සිතාවක කියන්නේ අපේ රටේ ඉතිහාසය ගැන ආඩම්බර විය හැකි කාල පරිච්ඡේදවලින් එකක්. මේ කෞතුකාගාරය ඒ ආඩම්බරයේ කොටසක්. සීතාවක නගර සභාව ආඩම්බරයේ මාණික්‍ය පළදගන්න. ආඩම්බරයේ මාණික්‍ය මේ මහාචාර්‍යවරු ඔබට ගෙනත් දිලා තිබෙනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා
අද සීතාවක පුරවරයට ඓතිහාසික වැදගත්කමකින් යුත් දිනයක්. අපේ රටේ දීර්ඝකාලීන ප්‍රෞඪ ඉතිහාසයේ ගමන් මග ඉදිරියට ගෙනයාමට සීතාවක රාජධානිය ඉෂ්ට කළ කාර්යය අනාගත පරම්පරාවේ දරුවන්ටත්, අධ්‍යනය කරන අයටත් දැක බලා ගැනීමට මෙවැනි කෞතුකාගාරයක් පිහිටුවීමට දායක වූ සියලු දෙනාට අපේ ගෞරවය හා ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. කෞතුකාරය ස්ථානගත කිරීම සඳහා ස්ථානයක් සොයා ගැනීම පිළිබඳ ගැටලුවේදී ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා ලෙස මටත් දායකවන්න ලැබීම ගැන සතුටුයි. ලංකා ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මෙම පෞරාණික ගොඩනැගිල්ල සහ ඉඩම් කොටස පවරාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එයින් තමයි මෙම ඉඩම සහ ගොඩනැගිල්ල මේ උතුම් කර්තව්‍ය සඳහා ලබා දෙන්න හැකිවුණේ.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා
අපේ කෙරුවාවල් අපිම කියන්න හොඳ නැහැ. ඒක සිංහලයාගේ ගතියක් නෙමේ. අපි වැරදුනු තැන් නැවත නැවත හිතට අරගෙන නැවත වරදින් නැතිවෙන්න හරි ගමනක් යන්න හරි වැඩක් කරන්න බලන්න ඕනේ. අපි හැමෝම එක මිටට ඉඳලා මේ රට මෙතනින් එහාට ඉදිරියට ගෙනියන්න ඕනේ. ඩිජිටල් යුගයක් කරා යන ගමනේදී අපේ උරුමයන් පැත්තකට දාන්න හොඳ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා
සිතාවක කියන්නේ ලෝක ඉතිහාසයේ බිහි වුණු සෑම යුගයකම දියුණුතම මානවයින් සිටි ප්‍රදේශයක්. කැලණි මිටියාවත,සීතාවක හේවගම් කෝරළය ඇතුළු මේ අවට ප්‍රදේශ ඉතිහාසයේ මොන යුගය දෙස බැලුවත් ඒ යුගයේ දියුණුතම මානවයා ගමන් කළේ මේ ප්‍රදේශයෙන් බව මේ කෞතුකාරාය නිර්මාණය කිරීම මගින් අප සියලු දෙනාට පසක් කරන්න පුළුවන්. ඒ ප්‍රාග් ඓතිහාසික යුගය වේවා,බලන්ගොඩ මානවයාගේ සිට වත්මන දක්වා රාජධානි යුග පසුකර, පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යටත් විජිත අධිරාජ්‍යවලට එරෙහිව ඒ නැගුනු මහා දැවැන්ත සටන්කාමීත්වය වේවා, ඔප්පු කලේ ලෝක ඉතිහාසයේ දියුණුතම මානවයා ගමන් කළ භූමියක ඔබ අප අද එක් රැස් වෙලා සිටිනවා කියන ඉතිහාස කරුණු මතක් කරන්නයි.
ඒ වෙනුවෙන් මායාදුන්නේ රජතුමා හා ටිකිරි කුමාරයා වෙනුවෙනුත් විශේෂ ස්මරණීය ගෞරවයක් මේ අවස්ථාවේ කළ යුතුය. ඒ දෙපළ ඒ ජාතික සටනට සියලු දෙනා ඒකරාශී කරගෙන ප්‍රදේශයක් පාලනය කරන්න හෝ ඔටුනු දැරීමේ පරමාර්තයෙන් තොරව ඊට එහා අනාගතය නොදුටු පිරිසකට නායකත්වය ලබා දුන්නා.
එදා මුල්ලේරියාවේදී පරංගින්ව දමනය කලේ නැත්නම්, කොටුවෙදි ගොඩබිම සටන මුහුදට ගෙනිහින් මුහුදේ දකුණු ආසියානු අර්ධද්වීපයම බටහිර යටත් විජිතවාදයට යටත් වෙන්නේ මීට අවුරුදු පන්සියයකට එහාදී. ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ එක් කෞතුකාගාරයක් තිබෙනවා. අඩි එකහමාර බැගින් පැති අටක් තිබෙන වීදුරු පෙට්ටියක්. මුළු දකුණු ඇමරිකා මහද්වීපයේම ඉතිහාසය තියෙන්නේ ඒක ඇතුලේ. දකුණු ඇමරිකානු මහාද්වීපය අක්‍රමණය කරන්න බටහිර ආක්‍රමණිකයින්ට ගියේ වසර 30යි.
එදා කෝට්ටේ වැටෙනකොට සීතාවක , මේ රටේ අඛණ්ඩව ගලාගෙන ආව ඒ ඓතිහාසික සංස්කෘතිකමය උරුමයන් ආරක්ෂා කරගෙන අද දක්වා ගේන්න පුළුවන් පරිවර්තනය ඇති කළේ. අදටත් අපේ යුගයේ එහෙමයි. දේශපාලන, සංස්කෘතික හෝ ආර්ථික මොනයම් හෝ කඩා වැටීමක් හරහා අපි අද පසු කරනවා නම් සියලු දෙනා ජාතිය ඒකරාශි කරගෙන මීට වඩා අභිමානවත් යුගය නිර්මාණ කරන්න පුළුවන්. එය නූපන් දුවාදරුවාටත් ලබාදිය යුතුයි කියන පණිවුඩයයි කෞතුකාගාරයෙන් කියා පාන්නේ.
පාසල් දරුවන් වෙනුවෙන් ඒ මහා ඉතිහාසයේ කතන්දරේ මේ ආකාරයෙන් ඒකරාශී කරලා , අභිමානවත් ගමන මතක් කරලා, අපේ ආදිතම මානවයාගේ සිට මේ දක්වා කරගෙන ආපු ජාතික කර්තව්‍ය මතක් කරලා දෙන්නට අද මේ නිර්මාණය කරපු කෞතුකාගාරයට හැකි වෙනවා.කොළඹ, ගම්පහ, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල මායිම. ඒ දිස්ත්‍රක්කවල පාසල් 200ට වඩා තියෙනවා. මගේ තරුණ දිවියේ ඒ පාසල් හොයාගෙන ගිහින් ඔවුන්ට සීතාවක ඉතිහාසය පිළිබඳ යම් හෝ ආවර්ජනයක් කරන්න මා කටයුතු කළා. ඒ දරුවෝ සීතාවකට ඇවිත් සීතාවක කෞතුකාගාරය හරහා තමන්ගේ අභිමානවත් ඉතිහාසය දැකීම හා පර්යේෂණවලට යොමුවීම දැකීම මගේ බලාපොරොත්තුවක්.
මහා සංඝරත්නය, ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, අමාත්‍යංශ ලේකම්වරු, පුරා විද්‍යා ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය