ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රට අගාධයකට පත්වූ අවස්ථාවේ දෙකෝටි විසි ලක්ෂයක ජීවිත බාර ගත්ත පාර්ශ්වය සහ එය මග හැරීම සඳහා කෝඳුරු තෙල් සෙවූ පිරිස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එබැවින් ඒ ඔස්සේ තර්ග ගොඩ නගමින් ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ ඉදිරියට රැගෙන යා හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමිනි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් අමාතයවරයා සඳහන් කළේ එමගින් මුදල් අමාත්‍යාංශ පවා ආර්ථික පාලනය පිළිබඳ ස්වයං විනයක් පවත්වාගෙන යා යුතු බවයි. මීට පෙර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා ශක්තිමත් පනතක් ඉදිරිපත් කිිරීමෙ මෙම කෙටුම්පත සකස් කිරීමේ අරමුණ වූ බව අමාත්‍යවරයා පැවැසීය. රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම සේම වගවීම නිශ්චිතව විවිධ පාර්ශ්ව වෙත මෙමගින් පැවරෙන අතර ඒව නිසි පරිදි විගණනයට යටත් වන ක්‍රමවේදය ද සකස් බව හෙතෙම පැවැසීය.
රාජ්‍ය ආයෝජන සිදු කිරීමේ දී තාර්කිකව තෝරා ගැනීමකට ලක් නොකිරීම රට අගාධය කරා ගමන් කිරීමට ප්‍රධාන හේතුවක් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම කෙටුම්පත මගින් ඒවා නිසි ලෙස තෝරා ගැනීමට ලක් කිරීමේ වගකීම රාජ්‍ය ආයතන වෙත ලබා දෙන බවයි. මීට අමතරව දැනට ව්‍යවස්ථාපිත අරමුදල් 45ක් පමණ පවතින අතර ඒවා පමණක් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එසේ නොවන අරමුදල් 41ක් පමණ විධිමත් විගණනයට ලක් කිරීමට හෝ එසේ නොමැති නම් ඒවා විසුරුවා හැරීමට අදාළ පියවර මෙම පනත මගින් සකස් කරන බවයි.
ආර්ථික පරිවර්තන පනත මගින් ද මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළ අපනයන වර්ධනය කිරීමට සඳහා ලොව පිළිගත් නීතිරීති මෙරට තුළ සකස් කිරීමට අදාළ කටයුත්ත සිදු කරන බවයි හෙතෙම පෙන්වා දුන්නේ. ආයෝජන පහසු කිරීම මගින් තිරසර ආර්ථිකයක් කරා යාමේ දැක්ම මෙම පනත් තුළින් සකස් කෙරෙන බව අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කළේ ය.