22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වතුකරයේ ජනතාවට සින්නක්කර ඔප්පු – ජනපති වැඩපිළිවෙළ ඉදිරියට ම … රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි.

වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි.

වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ වසර 200ක පමණ ඉතිහාසයක් ඇති වතුකරයේ ජනතාව අයිතිය නොමැති ඉඩම් හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති බවයි. සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ වතු ජනතාවට නිවාසවල පූර්ණ අයිතිය ලබා දීම පිළිබඳ ඊයේ දින (31) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වතුකරයේ ජනතාව සඳහා නව ගම්මාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බව කියා සිටියේ ය. ඒ සඳහා වැවිලි සමාගම් මගින් ඉඩම් වෙන් කරන අතර රාජ්‍ය මැදිහත් වීම යටතේ නිවාස ඉදිකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ගම්මාන සියලු පහසුකම්වලින් සමන්විතව ඉදි කෙරෙන අතර වතු ජනතාව සෑබෑ ලෙස සමාජගත කරවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz