22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

‘එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සියලු රාජ්‍ය විශ්‍රාමිකයන්ටරුපියල් 3000ක අන්තර්කාලීන දීමනාවක්’…-මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රාමිකයන් වෙත දැනට ලබාදෙන රුපියල් 2500ක දීමනාවට අමතර ව රුපියල් 3000ක් එක්කොට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සියුම් ව සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදුකිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යූ. ආර් . සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෑතක දී පත්කරන ලද බවත්, එමගින් සිදුකෙරෙන සමාලෝචන අනුව 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යූහය ක්‍රියාක්මක කරන තෙක් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ 7 ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බවත්, ඒ අනුව 2024 වර්ෂය තුළ මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 8.4ක අතිරේක වියදමක් රජයට දැරීමට සිදුවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය අයවැය කළමනාකරණය කිරීමේ අභියෝග මධ්‍යයේ වුව ද මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට පියවර ගනු ලැබූවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුහුණදෙන වත්මන් මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය ලබාදෙන ඉක්මන් කෙටිකාලීන විසඳුමක් ලෙස බව ද ප්‍රකාශ කළේ ය.
මීට සමගාමීව අමාත්‍ය සියඹලාපිටිය මහතා සහ රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර අද (02) පෙරවරුවේ විශේෂ රැස්වීමක් ද පැවති අතර විශ්‍රාම වැටුප් විශමතාව ඉවත්කිරීම සහ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී අනුපාතිකය ඉහළ නැංවිම සම්බන්ධව එහි දී සාකච්ඡාවට ලක්කෙරිණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz