22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන ගෙන යන ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව IMF මතයයි….මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි ……..

ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය පන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එම සංවිධානයේ නියෝජිත පිරිස මෙරට සංචාරය නිම කිරීමෙන් පසු නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමබන්ධයෙන් අද උදැසන රුවන්වැල්ලද ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පැමිණි නියෝජිත පිරිසේ නායකත්වය දැරූ පීටර් බෘෘවර් මහතා ,විසින් මෙරට ආර්ථික වර්ධනය කාර්තුවෙන් කාර්තුවට ඉදිරියට ගමන් කිරීම පිලිබඳව ඇගයීමට ලක්කළ බව සඳහන් කළ අමාත්‍යවරයා , එහිදී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම පිලිබඳව උද්ධමනය පාලනය කර ගැනීම පිලිබඳව හා විදේශ සංචිත වර්ධනය කර ගැනීම පිලිබඳවද එහිදී ඇගයීමට ලක්කළ බවද ඔහු පවසා සිටියා.
මේ දිනවල විවිධ පිරිස් ඔවුන් බලයට පැමිණි පසු පඩි වැඩි කිරීම , බදු අඩු කිරීම ආදී කරුණු ගැන විවිධ අදහස් පළ කළද , මේ සියල්ල වත්මනෙහි ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති හා බැදී ඇති බැවින් , ඔවුන් එම දේවල් ක්‍රියාත්මක කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳව කරුණු දැක්විය යුතු බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz