22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2025 සිට රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට

වසර 2025 සිට වසර 3ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්‌ට්‍රොනික පද්ධති මගින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් ( E – Governance ) හඳුන්වා දීම සහ ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් හා විශ්‍රාමිකයන් ද ඇතුළත්ව මාසිකව අවම රුපියල් දහසක දායකත්වයක් සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිවන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිව හිමී වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz