• නව පුළුල් සන්ධානය එළිදැක්වීම ලබන 5 වැනිදා..
• ඉදිරියේ එන ඕනම මැතිවරණයකට තරඟ කරන්න පුළුවන් රටේ පුළුල්ම දේශපාලන සන්ධානය අපි බිහි කරනවා.
• නව පුළුල් සන්ධානයෙන් ඇල්පිටියට පළවෙනි නාමයෝජනා පත්‍රය භාර දෙනවා.
• 2023 නාමලේඛණයට ඡන්දය තිබ්බොත් නව ලක්ෂයක් තරුණ ප්රජාවකට ඡන්දය භාවිතා කිරීමේ අයිතිය අහිමි වෙනවා. නාමයෝජනා පත්‍රයේ තරුණයින්ට තියෙන අවස්ථාවත් අහිමි වෙනවා.
• 35%ක් පලාත් පාලන ආයතනවල තරුණයින්ට අවස්ථාව දෙන්න ඕනේ. නීතියෙන් ඒ අයිතිවාසිකම අරන් දෙන්න අපි කටයුතු කරනවා.
• තරුණයෝ නවලක්ෂයකට ඉදිරි ඡන්දය, ජනවරම අහිමි කරන්න කවුරු හරි උත්සහ කරනවා නම් ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක්..
• පළාත් පාලන ඡන්දය ඉතාම කෙටි කාලයක් තුළ පැවැත්විය යුතුයි කියන තැන ආණ්ඩුව ඉන්නවා.
- රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා
ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට තරඟ කළ හැකි රටේ පුළුල්ම දේශපාලන සන්ධානය ලබන 5 වැනිදා එළිදක්වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
නව පුළුල් දේශපාලන සන්ධානයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පළවෙනි නාමයෝජනා පත්‍රය භාර දෙන බව අද (2024.08.29) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා –
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනය අද දවසේ එළිදක්වනවා.
එතුමා මේ රටේ මුදල් අමාත්‍යවරයා හැටියටත්, යථාර්ථය දන්න පුද්ගලයෙක් හැටියටත් කරන්න පුළුවන්, කල හැකි වැඩ කොටසක් කරන්න මේ රටේ ජනතාව විශ්වාස කරපු නායකයෙක් හැටියට දෙවසරක් තුළ තමන් කරපු කාර්යභාරය සහ ඉදිරි වසර පහ තුළ එය තවත් ශක්තිමත් කරලා කරන්නේ මොනවද කියන වැඩපිළිවෙල එතුමා ඉදිරිපත් කරනවා. මේ රටේ ජනතාව ඉතිරි අවුරුදු පහක් රට භාරදෙන පුද්ගලයා කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනේ. වැටිච්චි රට අවුරුදු දෙකකදී ගොඩගන්න එතුමා කටයුතු කරා අයි.එම්. ඒෆ් එක සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ පුද්ගලයෙක්. මුදල් අමාත්‍යංශය පිළිබඳ දැනුවත් වගේම මහ බැංකුව පිළිබඳ තියෙන ආකල්පයත් රටේ ජනාධිපතිවරයා හැටියට කරන්න පුළුවන් මොකක්ද කියන එකත් එතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුලත් වෙනවා.
මාලි මාවේ ප්‍රතිපත්ති ප්රකාශනය පිටු දෙසිය ගානක් තිබුණත් ඒක තේරුම් ගන්නත් ගොඩක් කල් යයි. මේවා කරන්නේ කොහොමද මේවට මුදල් හම්බවෙන්නේ කොහොමද මේව යථාර්ථයක් බවට පත්කරන්නේ කොහොමද කියලා කිසිම සඳහනක් නෑ.
ජනතා විමුක්ති පෙරමුණ කියන විදියට කිලෝමීටර් තුනෙන් තුනට පාසලක් හදන්න ගියොත් දැන් තියෙනවා වගේ හය ගුණයක් පාසල් හදන්න වෙනවා. ඒ විදියට පාසල් හදලා ඒ පාසල්වලට යවන්න තරම් දරුවෝ ඉන්නවද? ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක අංග සම්පූර්ණ පාසලක් ලබා දීමේ වැඩපිළිවෙලක් අපි කරගෙන ආවා. පහුගිය අරගල කාලේ ඒක කඩාකප්පල් වුණා.
වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ අධ්‍යාපන ඇමැතිවරයා විදියටත් ඉඳලා තියෙනවා. දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනයත්, ද්විතීයික අධ්‍යාපනයත් හරියටත් ලබාදෙන්න අවශ්‍ය පහසුකම් දැලසීම අපේ අරමුණයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදපු අය ජනතාව මුලා කරන්නට ඒගොල්ලන්ට හිතෙන දේ ලියලා තියෙනවා. එහෙම පාසල් පද්ධතියක් අලුතෙන් හදන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඒ විදියට හදන පාසල්වලට යන්න දරුවෝ ඉන්න ඕනේ. අද පාසල් වැහෙන්න පටන් අරන් තියෙන්නේ ඒ ගම්මාන වල දරුවො නැති නිසා. ඒකට හේතු තියෙනවා. නාගරිකකරණයත් එක්ක හැමෝම නාගරික ප්‍රදේශවල පදිංචියට එනවා.නාගරික පාසල් වල තමයි වැඩි දරුවෝ සංඛ්‍යාවක් ඉන්නේ. ඒකට අපි කාටවත් මුකුත් කියන්න බැහැ. හැමෝම කැමතියි නාගරික පාසලකට දරුවා ඇතුල් කරගන්න. ජනතාවට දැනෙන විදියට කියන්න පුළුවන් වුණාට කරන්න පුළුවන්ද දේවල්ද? දරුවෝ වැඩියෙන් සිටින පාසල් වලට වැඩි බරක් දීලා, ඒ පාසල් දියුණු කරන්න ඕනේ. ප්‍රාථමික පාසල් පද්ධතිය හදන්න ඕනේ. අපේ වැඩපිළිවෙලක් තියෙනවා, තියෙන පාසල් පද්ධතිය ඒ ආකාරයෙන්ම දියුණු කරන්න. පෙර පාසල් ගැන කතා කරනවා. කිලෝමීටර් 2-3 අතර පෙරපාසල් හදනවාලු. අලුතෙන් පෙරපාසලක් හදන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසරයක් ගන්න ඕනේ. තියෙන පෙරපාසල්වල එකඟතාව අනුව. ගොඩක් පෙරපාසල්වල ළමයි ඉන්නේ දහයයි දොළහයි. ළමයි 20ට වැඩි පෙර පාසල් බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒකත් නාගරික පෙර පාසල්වල තමයි දරුවෝ වැඩි. පෙරපාසල්වල වැඩ කරන ගුරුවරයෙකුට ළමයි දහයක් පහළොවක් ඉඳලා ලැබෙන ආදායමෙන් ඒක දිගටම කරගෙන යන්න බැහැ.ඒ නිසයි අලුතෙන් පෙර පාසල් හදන්න අවසර දෙන්නේ නැත්තේ.
ජාතික ජන බව වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේ ප්‍රතිපත්ති ටිකකුත් දාගෙන තියෙනවා. අපි කරන්න යන වැඩපිළිවෙළ ඒක ඇතුලේ තියෙනවා. එහෙම තෝරා ගැනීම ගැන අපි සතුටු වෙනවා. අපේ ජනාධිපතිතුමා ඒවා යථාර්ථයක් බවට පත්කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියාගෙන යනවා 20000ක්, 30000ක් දෙනවා කියලා. එතුමාගේ තාත්තා ඉන්න කාලේ එතුමත් කිව්වා. සෑම දුප්පත් පුරවැසි පවුලකටම ජනසවිය 1500ක් දෙනවා කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීයකටද දුන්නේ. එතුමා ජනාධිපතිවෙලා ඉන්න කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීයද තිබුණේ. හැබැයි වත්මන් ජනාධිපතිතුමා කරන්න පුලුවන් දේ කියනවා කරනවා. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය හදන්නේ මුදල් ඇමැතිවරයා හැටියට ඒ් ඒ් කාරණා වලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා දැනගෙන.
අද පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි පිරිසක් තරුණයෝ විදියට ප්‍රාදේශීය සභාවෙන් තමන්ගේ දේශපාලනය ආරම්භ කරලා පාර්ලිමේන්තු ඇවිත් ඇමැතිවරු වූ අය. මේ වෙලාවේ තරුණයින්ගේ ඉල්ලීම් දිහා බලන්න ඕනේ. අපි තරුණ පනතක් ගෙනාවා. 35%ක් පලාත් පාලන ආයතනවල තරුණයින්ට අවස්ථාව දෙන්න ඕනේ කියලා තියෙනවා. නීතයෙන් ඒ අයිතිවාසිකම අරන් දෙන්නත් අපි කටයුතු කරනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා දෙන්න තියෙන අවසන් දිනය ලබන 12වෙනිදා. නව පුළුල් සන්ධානයක් අපි ලබන 5 වැනිදා එළිදක්වනවා. ඒකෙන් ඇල්පිටියට පළවෙනි නාමයෝජනා පත්‍රය අපි භාර දෙනවා. ඒ සන්ධානයෙන් ඉදිරියේ එන ඕනම මැතිවරණයකට තරඟ කරන්න පුළුවන් රටේ පුළුල්ම දේශපාලන සන්ධානය අපි බිහි කරනවා. ඒකේ නාමයෝජනා පත්‍රය අපි භාර දෙනවා. අපි එක්ක ඉන්න කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ.
මැතිවරණ කොමිෂන් සභාවට ශ්රේෂ්ධාධීකරණය නියෝගය දුන්නා. මීට කලිනුත් හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන්න කියලා ශ්‍රේෂෟඨාධිකරණය තින්දුවක් දුන්නා. එදා තිබුණු ඡන්ද නාමලේඛණයෙන් ඒක කරන්න තිබුණා. 2023 නාමලේඛණයට මේ ඡන්දය එන්නේ. ඡන්දය භාවිතා කිරීම මූලික අයිතිවාසිකමක්. ඡන්ද නාමලේඛණයේ නම තියෙනවා නම් ඡන්දය භාවිතා කරන්න අයිතිය තියෙන්න ඕනේ. 2023 නාමලේඛණයට ඡන්දය තිබ්බොත් නව ලක්ෂයකට වඩා තරුණ ප්රජාවකට ඡන්දය භාවිතා කිරීමේ අයිතිය අහිමි වෙනවා. ඒවගේම නාමයෝජනා පත්‍රයේන් අලුතෙන් ඡන්දය හිමිවුණ තරුණයින්ට තියෙන අවස්ථාව අහමි වෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. නිතිපතිතුමා එක්ක කතා කරලා වැඩපිළිවෙලක් සකසන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ඡන්දය ඉතාම කෙටි කාලයක් තුළ පැවැත්විය යුතුයි කියන තැන ඉන්නවා. මහජන නියෝජිතයින් නැතුව ජනතා වැඩකටයුතු කරගෙන යන්න අමාරුයි.
නාමයෝජනා පත්‍රය අවලංගු කරලා රටේ නිතිය අනුව අලුත් අයට අවස්ථාව දෙන්න පුලුවන් ද කියලා අපි බලනවා. ඡන්ද නාමලේඛණයේ නම තියෙනවා නම් ඡන්දය දෙන්න අයිතිය තියෙන්න ඕනේ. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක්, කිසිම සංවිධානයක් මේකට විරුද්ධ වෙයි කියලා අපි හිතන්නෙ නැහැ. තරුණයෝ නවලක්ෂයකට ඉදිරි ඡන්දය, තමන්ගේ ජනවරම අහිමි කරන්න කවුරු හරි උත්සහ කරනවා නම් ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක්.