22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තායිලන්තය – ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයනය පුළුල් කෙරේ…

තායිලන්තයේ අයෝත්යාහි (Ayuthya )හි මහා (Chulalongkorn) චූලලෝන්කෝර්න් රාජ විද්‍යාල විශ්ව විද්‍යාලයේ (MCU) ජ්‍යෙෂ්ඨ බෞද්ධ දූත පිරිසක් බෞද්ධ අධ්‍යයනයන්හි සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සමඟ ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට එකඟ වෙයි.
MCU හි උප අධිපති අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රම්හා සුරසක් නාහිමි ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (2024.09.12) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූහ.
MCU හි ප්‍රධාන අධ්‍යයන විෂයයක් ලෙස ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය පවතින අතර එහි ගිය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් හා ශිෂ්‍යයින් හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් පවත්වන බව පූජ්‍ය ෆ්‍රම්හා සුරසක් හිමියෝ පැවසූහ.
යෝජිත අනුරාධපුර මහාවිහාර විශ්වවිද්‍යාල ව්‍යාපෘතියට සම්බන්ධ වන ලෙස අග්‍රාමාත්‍යවරයා තායිලන්ත බෞද්ධ ජනතාවට ආරාධනා කළේය. මෙම ව්‍යාපෘතිය යටතේ පුරාණ මහාවිහාරය කැණීම් කර මහාවිහාරය ප්‍රතිනිර්මාණය කිරීම සහ ථේරවාද බෞද්ධ අධ්‍යයනය සඳහා විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා පුළුල් පුරාවිද්‍යා කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
රාම රජු සමයේ ශ්‍රී ලංකාවේ අතිපූජ්‍ය සුමන හිමියන් විසින් තායිලන්තයේ ථෙරවාදී නිකාය පිහිටුවීම සහ තායිලන්තයේ සිට පැමිණි අතිපූජ්‍ය උපාලි හිමියන් විසින් ශ්‍රී ලංකාවේ සියම් නිකාය පිහිටුවීම පිළිබඳව තායි නියෝජිත පිරිස මෙහිදී සිහිපත් කළහ.
මෙම දූත පිරිසට චුං තායි චෑන් විහාරාධිපති, කුඕ-චියැං චෙන්, උප අධ්‍යක්ෂ ලිංගාවෝ ලියං, ධම්මදූත විහාරස්ථානයේ අධ්‍යක්ෂ, ෆ්‍රම්හා ප්‍රයෝන් කම්මා, ආචාර්ය සෙං හ්රං නරිදා, ෆ්‍රම්හා කොසොල් මාදී සහ විල්ගමුවේ ආරියරතන හිමි ඇතුළු පිරිසක් ද ඇතුළත් වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ උපදේශක සුගීස්වර සේනාධිර යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz