22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

බලයට පත්වී මාස හයකදී දූෂණය-වංචාව නැති කරනවා

බලයට පත්වී මාස හයකදී මේ රටේ දූෂණය වංචාව නැති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සර්ව ජන බලයේ උපාය මාර්ගික වැඩ සැලසුමට ඇතුළත් කළ බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (16) තංගල්ල බස්‍ නැවතුම්පොළ ඉදිරිපිට පැරණි පොළ භූමියේ පැවති සර්ව ජන බලයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“අල්ලස, දූෂණය, සොරකම පිටුදැකීමට අපි ඉදිරිපත් කරන්නේ ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ නැවුම් ප්‍රවේශයක්. එය දේශපාලන වේදිකාවේ හොරු ඇල්ලීම වැනි ජනප්‍රිය සටන් පාඨවලින් ඔබ්බට ගිය මහ පොළොවේ සැබෑ ලෙසම ක්‍රියාත්මක කළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙළක්. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය අපි යොදා ගන්නවා. අපි යෝජනා කරන්නේ දේශපාලන වහල්භාවය අවසන් කරන්න. මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපතිවරණයේදීත් ඔබට මේ විදියට ඇවිත් මේ කතා අහන්න වෙනවා නම් රට අඟලක්වත් ඉස්සරහට ගෙනගිහින් නෑ. ඒ නිසා ඔබ මෙවර නිවැරදි තීරණයක් ගත යුතුයි. යැපුම් මානසිකත්වය වෙනුවට ආත්ම විශ්වාසය ගොඩනංවමින් වගවීම සහ අවංකභාවය දේශපාලනයට ගෙන එමින් ඔබේ ජීවිතවලට සතුට ගෙන ඒමට, පවුලේ මාසික ආදායම රුපියල් ලක්ෂයක් දක්වා වර්ධනය කරගැනීමට අවශ්‍ය ආර්ථිකයක් හදලා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා.”

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, තංගල්ල ආසන සංවිධායක ජනිත් විපුලගුණ යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.

තංගල්ල – බන්දුල පද්මසිරි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz