වීරපුල්ලිගේ ජයසිරි හෙවත් ඩබ්ලිව්. ජයසිරි 1947 මැයි 1 ගාල්ලේ හිරිඹුරේ උපත ලබා 2024 සැප්තැම්බර් 22 දින වයස 77 දී සිය ජීවන රග මඩලට සමුදී තිබේ.ඔහු අපේ සිනමාවේ වේදිකාවේ රූපවාහිනියේ ජනප්‍රිය නළුවෙක් කලාකරුවකු විය. එපමණක් නොව ඔහු පිටපත් රචකයෙකු ලෙසත් ගී පද රචකයෙකු ලෙසත් දක්ෂතා පෙන්වූ අයෙක් විය.
දියණියන් දෙදෙනෙකුගේ පියකු වන ඩබ්ලිව් ජයසිරිට සහෝදරයන් තිදෙනෙක් ද සිටියේය . ඔහු කිතුලම්පිටිය විද්‍යාලයෙන් ,මාතර සුමංගල විද්‍යාලයෙන් , මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් , ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත . හේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ආර්ථික විද්‍යාව, ඉන්දියානු ඉතිහාසය සහ සිංහල යන විෂයන් සිය උපාධියට හැදෑරීය. විශ්වවිද්‍යාල කාලයේ දී ඔහු සුගතපාල ද සිල්වා සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කර තිබේ .
ජයසිරි , ධර්මසේන පතිරාජගේ සමීපතම මිතුරෙකු ද විය. ඔහු මුල් කාලයේ වේදිකා නාට්‍යවල සුළු චරිත නිරූපණය කළ අයෙක් විය. හේ ප්‍රධාන චරිත නිරූපණය කර ඇත්තේ වයස අවුරුදු 40 න් පසුව බව පවසා ඇත . ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍ය රංගනය 1966 දී හරිම බඩු හයක් තුළින් සිදු විය. ඔහු සුගතපාල ද සිල්වාගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය වූ දුන්න දුනුගමුව, මුතු කුමාරි වැනි නාට්‍යවල රගපෑවේය. එසේම ධර්මසේන පතිරාජගේ එයා දැං ලොකු ළමයෙක් චිත්‍රපටයේ චරිත නිරූපණය කළේය . එසේම එච්.ඩී ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ සේලම සහ විසිදැල චිත්‍රපටවල ඔහුගේ දක්ෂ චරිත නිරූපණ දැකගත හැකිවිය.තවද ඔහු රගපෑ(1985) මාරාසාද් වේදිකා නාට්‍ය සිංහල වේදිකා නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකේ. එමෙන්ම ඔහු බඹරු ඇවිත් නැමැති ජනප්‍රිය චිත්‍රපටයේ ගීත රචකයා බවද සිහිපත් කළ යුතුයි .ජයසිරි 2005 දී විසින් සඳ මුදුනට රූපවාහිනි නාට්‍ය පිටපත පරිවර්තනය කර ද තිබේ. මෙය සැමී පවෙල් නැමති නාට්‍ය කරුවා විසින් ප්‍රංශ භාෂාවෙන් රචනා කරන ලද්දක් විය. තවද ඩ්බ්ලිව් ජයසිරි 1997 දී “දුවට මවක මිස” චිත්‍රපටයේ රගපෑ චරිතය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි ජනාධිපති චිත්‍රපට සම්මානයෙන්ද පිදුම් ලැබීය .මෙලෙස කලා ලොව දිගු ගමනක බහුවිධ දක්ෂතා ඔස්සේ ජීවන කතාව ගොඩනගා ගත් ජයසිරි ආධුනික කලාකරුවන් ට ආදර්ශයක් බව කිව යුතුයි .ඔහුට සුබ ගමන්.
මා මිත්‍ර ප්‍රවීන ලේඛක ගාමිණී ගුණසේකර විසින් ජයසිරි පිළිවදව ලියන ලද අපූරු සටහන ජයසිරි කලාකරුවානන්ට උපහාරයක්ලෙස ඉදිරිපත් කරමි….
දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ