22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේ​රී පත්වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 9වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්වුණු අතර, දෙවන මනාප ගණනයේ දී ලබාගත් වැඩි ජන්ද ප්‍රතිශතයෙන් පසු ඔහු මෙලෙස ජයග්‍රහනය කළේය.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට දෙවන මනාපය ගණන් කිරීම මෙම ජනාධිපතිවරණයේදී සිදුවිය.

අනුර කුමාර මහතා හෙට (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූර​යේ දිවුරුම් දීමට නියමිතය.

ඒ අනු​ව 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz