කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ බොක්කුවක ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය 2024-09-29 දින උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
