සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මුල් පුටු රැසක් වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් පත්කර ඇති අතර, සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදි.
2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාත්, 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙන් ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අභිනවයෙන් පත් කරන ලදි.