22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සමාජ මාධ්‍ය තුළ ළමයින් පිළිබඳ සංවේදී කාරණා ඇතුලත් ජායාරූප,ප්‍රකාශ සහ වීඩියෝ පළකිරීම සහ බෙදා හැරීම වැලැක්වීමට පියවර ගැනිම සම්බන්ධවයි

සමාජ මාධ්‍ය යොදාගනිමින් ළමයින් පිළිබඳව සහ ළමයින්ගේ පෞද්ගලිකත්වය හෙළිවන ආකාරයට  ජායාරූප,වීඩියෝ සහ ප්‍රකාශනයන් ආදී විවිධ තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි.

මෙවැනි සමාජ මාධ්‍ය තුළ ළමයින්ට අදාල සංවේදී කරුණු හෙළිදරව් කිරීම තුළින් එය ළමයාගේ පුද්ගලිකත්වය සහ අනන්‍යතාවය සහ ආරක්ෂාවට මෙන්ම, ළමයාට අදාල පවුල පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම තුළින් ද, ළමයාගේ මානසිකත්වයට සහ පෞරුෂත්ව  සංවර්ධනයට දැඩි බලපෑමක් සිදු කරනු ලබයි. ළමයින්ගේ විඩීයෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම තුළින් එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංස්කරණය කර අවභාවිතයට ගැනීමත්, ඒ මගින් එම ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපයෝජනයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බවත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තාවන පැමිණිලි මගින් අනාවරණය වේ.

එබැවින් සෑම පුද්ගලයෙක් ම සිය පුරවැසි වගකීම ඉටු කිරීමේදී, ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර කටයුතු කර  ළමයින්ගේ ඡායාරූප, විඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමෙන් වලකින ලෙස කාරුණිකව දන්වමි.

ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමව්පියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදුකරමින් ළමයාට උපරීම යහපත සැලසීමට කටයුතු කරන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු වගකිව යුතු පාර්ශවයන්ට දන්වා සිටියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz