22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හෂීම් ඔමාර් පදනම විසින් පාසල් සිසුන් සදහා ලැප්ටොප් පරිගණක ලබා දීම පස්වැනි වරටත්

හෂීම් ඔමාර් පදනම විසින් අධ්‍යාපනික සහ තොරතුරු තාක්‍ෂණය පිළිබදව සිසුන් ගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට සහය දීමේ අරමුණින් පාසල් සිසුන් සදහා නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් දියත් කර ඇත.
එහි පළමු අදියර 2024 ජුනි මස 07 වැනි දින ආරම්භ වූ අතර පස්වන අදියර ඊයේ දින (05) කොළඹ කොල්ලුපිටියේ හෂීම් ඔමාර් පදනමේ මූලස්ථානයේදී සිදු විය.
හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ, ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු උපදේශක හෂීම් ඔමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ. ලේක්හවුස් ආයතනයේ තිනකරන් දමිල පුවත් පතේ ප්‍රධාන කතෘ සෙන්තිල් වෙල්වවාර් මහතා, වසන්තම් රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදක සිද්දික් හනිෆා මහතා, ස්කයි ටැමිල් නිව්ස් ආයතනයේ අධ්‍යක්‍ෂක බායිස් මහතා ඇතුඵ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවිය.

ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා අයදුම් කල අයදුම්කරුවන් අතරින් ජූරි සභාව විසින් බේරුවල, වටවල, තිහාරිය, නින්දවූර් සහ තිහාරිය යන ප්‍රදේශවලින් තෝරාගත් සිසු දරු දැරියන් පස් දෙනෙකුට අනුශාසක හෂීම් ඔමාර් මහතා ප්‍රධානත්වයෙන් විසින් ලැප්ටොප් පරිගණක බෙදා දෙන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz