22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඔලිම්පියාඩ් විද්‍යා හා ගණිත තරගාවලි පදක්කම් රැසක් ශ්‍රී ලාංකික සිසු-සිසුවියන්ට

චීනයේ චෙන්ෂූහි දී පසුගිය ඔක්තෝබර් 01- 06 වෙනිදා දක්වා පැවති අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියේ දී ලොව පුරා රටවල් රැසක් අතරින් ගණිත හා විද්‍යා අංශ ය‍ටතේ බොහෝ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට දිනා දීමට මෙරට පාසල් සිසු-සිසුවියන් සමත් වී තිබේ.
මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ සිසු-සිසුවියන් 20 දෙනකු අතරින් 13 දෙනකු ම පදක්කම් දිනා ඇති අතර ඒ, ගණිත අංශයෙන් එක් රිදී පදක්කමකුත් ලෝකඩ පදක්කම් 10කුත් සහ විද්‍යා අංශයෙන් ලෝකඩ පදක්කම් දෙකකුත් වශයෙනි. මේ අනුව ඉන්දියාව, කොරියාව, චීනය, සිංගප්පූරුව වැනි තරගාවලිය සඳහා සහභාගි වූ අනෙකුත් රටවල් අතරින් වැඩි ම පදක්කම්ලාභීන් හිමි රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළින් ම සිටී.
සිසු-සිසුවියන්ගේ උසස් මට්ටමේ චින්තන හැකියා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ගණිත, විද්‍යා ශාඛා සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු එක් ව ක්‍රියාත්මක කරනු ලබන ඔලිම්පියාඩ් වැඩසටහන මගින් කලාප, පළාත් හා ජාතික මට්ටමින් සිසුන් පුහුණු කර, විභාග පවත්වා සුදුසුකම් මත පාසල් තරගකරුවන් ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා වාර්ෂික ව ඉදිරිපත් කරනු ලබයි.
21 වෙනි වරටත් පැවැත්වුණු මෙම තරගාවලියේ දී කොළඹ මෙන් ම අගනුවරින් බැහැර දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් නියෝජනය කරමින් සෑම ජන වර්ගයකින් ම ඉදිරිපත් වුණු දරු දැරියන් රැසක් ද ජයග්‍රහණ හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.
ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වූ කණ්ඩායමේ සිසු-සිසුවියෝ ජයග්‍රාහී ව දිනූ පදක්කම් සමග ඊයේ දින රාත්‍රියේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට ළඟා වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz