22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මියගිය සේනක බටගොඩගේ නඩුව දුව සෙරිනා වෙතට..

කොළඹ වානිජ මහාධිකරණය ඉදිරියේ ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 07 ගායනා කිරිම වළක්වාලමින් සහ ගීතවල බුද්ධිමය දේපල හිමිකම සම්බන්ධයෙන් පවරා තිබු නඩුවට සේනක බටගොඩ මහතාගේ අභාවයෙන් අනතුරුව දියණිය සෙරිනා බටගොඩ සහ ඔහුගේ බිරිද ඇතුලත් වීමට කරන ලද ඉල්ලීම පිලිගනිමින් අධිකරණය ඊට අවසර ලබා දෙයි.

එකී නඩුව නැවතත් නොවැම්බර් මස 08වැනිදා කැදවීමට අධිකරණය විසින් නියම කළේය.

අදාළ ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව වානිජ මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබේ.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටි අතර අදේශිත විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ගෞරි පිරිස් මහත්මිය පෙනි සිටියේය.

උපුටාගැනීම…. https://www.dinamina.lk/2024/10/11/lawnorder/131389/%e0%b7%83%e0%b7%9a%e0%b6%b1%e0%b6%9a-%e0%b6%b6%e0%b6%a7%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%ab%e0%b7%92/

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz