විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටළු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කෝෂල වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ.
මේ සදහා ආරම්භ කල නව වැඩසටහන “සභාපතිට කියන්න ” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම ඊයේ (15 ) කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා,
“නව දැක්මක් සහිතව මෙම ආයතනය ඉදිරියට මෙහෙයවීම අපි සියලු දෙනාගේම වගකීමක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතා විශාල සමාජ මෙහෙවරක් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම රටට අර්බුදයක් වී තිබෙන විදේශ විනිමය උපයන මහඟු ආයතනයක් ලෙස අපගේ ආයතනය හැඳින්විය හැකිය. නමුත් මේ වන විට මෙම ආයතනය ගැන රටේ ජනතාව අතර තිබෙන මතය අභාග්‍ය සම්පන්නයි. නව දැක්මක් නව රජයක් විදියට ඉදිරියට යන ගමනට ඒ ජනතාවට අවශ්‍ය සේවය ලබාදීමට නම් ඔවුන්ගේ ගැටළු අප විසඳිය යුතුයි”.
“එහිදී විශේෂයෙන්ම ශ්‍රමිකයින් විදේශ රැකියාවලට යෑමේදී අනේකවිද පීඩන වලට ලක්ව තිබෙනවා. විවිධ තරාතිරමේ නිලධාරීන් සහ තැරව්කරුවන් අතරමැදියන් වෙලා ඔවුන්ගේන් මුල්‍යමය වාසි අත්පත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය නව රජය මගින් 100% ම නැවැත්වීමට අප විසින් කටයුතු කරනවා”.
“ඒ සඳහා පළමු පියවර ලෙස, අපි උත්සාහ කරා මේ ගැටළු ඉදිරිපත් කිරිමට පොදු ස්ථානයක් නිර්මාණය කරන්න. සියලුම වර්ගයේ, චෝදනා, විවේචන, දුක් ගැනවිලි සටහන් කරගන්න. ඒ සඳහා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ” සභාපතිට කියන්න ” යනුවෙන් නව කවුළුවක් විවෘත කරලා තියනවා”. “රටේ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එහිදී හැකියාව ලැබේ. විවිධ මාර්ග කිහිපයක් ඔස්සේ අපට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. ඇතැම් විට බාහිර පුද්ගලයින්ගෙන් සිදුවන අසාධාරණකම් වෙන්න පුළුවන් නැත්නම් රජයේ නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන් කුමන හෝ ආකාරයෙන් අසාධාරණකමක් වුවත් ඊට විසඳුම් දෙන්න මම තරාතිරම් නොබලා කටයුතු කරනවා.” යැයි පැවසීය.
“මෙම වැඩසටහන තුලින් සාධාරණ සේවයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. රටේ ජනතාව ලෙස ඒ පිළිබඳ කිසිදු අවිශ්වාසයක් තබා නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී පැවසීය.
සභාපතිට කියන්න – Talk to Chairman නම් මෙම වැඩසටහන මගින් අදාළ ගැටළු සභාපතිවරයා වෙත යොමු කරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය එම ගැටළු වෙත යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලබයි.
ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කර තිබේ. මීට අමතරව, පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමු කරන පැමිණිලි සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු කෙරේ.
පැමිණිලිකරුවාගේ පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට ද පියවර ගෙන ඇත.
තවද, 0112 864188 දුරකථන අංක ඔස්සේ ද පැමිණි බාරගනු ලබන අතර, 0717 593 593 යන Whatsasp අංකය ඔස්සේ හා talkchairman@slbfe.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ද පැමිණි යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.