වංචා, දූෂණ හා අව­භා­වි­ත­ය­න්ගෙන් 70 %කට රාජ්‍ය නිලධාරින් වග­කිව යුතුයි…

මේ රටේ සිදු­වන වංචා, දූෂණ හා අව­භා­වි­ත­ය­න්ගෙන් 70 %කට රාජ්‍ය නිල­ධා­රීන් වග­කිව යුතු බවත්, රාජ්‍ය සේවයේ සිටින සමස්ත නිල­ධා­රීන් මේ සඳහා වග­කිව යුතු නැති බවත් ඇතැම් නිල­ධා­රීන්ගේ ක්‍රියා­ක­ලා­පය නිසා සියලු නිල­ධා­රීන්ට ඒ ඇඟිල්ල දිගු වන බවත් එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක අජිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

දේශ­පා­ල­න­ඥ­යන් සතුටු කර තමන්ගේ ඕනෑ එපා­කම් ඉටු කර ගැනී­මට ඇතැම් රාජ්‍ය නිල­ධා­රීන් දේශ­පා­ල­න­ඥ­යන් නොමඟ යවන බව ද ජය­සු­න්දර මහතා පැව­සීය.

දේශ­පා­ල­න­යට පත් කරන සිය­ලු­දෙනා මෙහෙ­ය­වීමේ බලය තිබෙන්නේ රාජ්‍ය නිල­ධා­රීන්ට. මේ රාජ්‍ය නිල­ධා­රීන්ගේ ක්‍රියාකලා­පය ගත්තාම සෑහී­ම­කට පත් වෙන්න බැහැ. පත්වෙලා එන දේශ­පා­ල­න­ඥ­යන්ට උප­දෙස් දෙන්නේ නිල­ධා­රීන්. එය තමයි දේශ­පා­ල­න­ඥ­යන් ක්‍රියා­ත්මක කරන්නේ. එහි ප්‍රශ්න­යක් තිබෙ­නවා නම් වග­කි­ය­න්නත් ඕනෑ රාජ්‍ය නිල­ධා­රීන්. අපි බල­යට පත් වුණාම මේවාට විරු­ද්ධව ජනතා හඬ ඉදි­රි­යට ගෙන­යන්න ක්‍රියා­ක­ර­නවා.

අනුර කුමාර දිසා­නා­යක මහතා ජන­තාව විසින් ජනා­ධි­ප­ති­ව­රයා විදි­හට පත් කළේ වංචා, දූෂණ නැති කරන්න. එහෙත් තව­මත් එහෙම දෙයක් වෙනවා කියා දකින්න නැහැ. අද අපි පක්ෂ­යක් විදි­හට ඉදි­රි­යට ආවේ ජන­තාව රව­ට්ටලා ඡන්ද ගන්න ක්‍රමය වෙනස් කරන්න. එම නිසා අපි ජන­තා­වට කිය­නවා මෙවර එහෙම රැව­ටෙන්නේ නැතිව නිසි ලෙස ඡන්දය භාවිත කරන්න කියලා. අපි අනි­වා­ර්ය­යෙන්ම වංචාව, දූෂ­ණය නැති කර­නවා.ඒ වෙනු­වෙන් ජන­තාව පෙළ ගස්වලා රටට අවශ්‍ය නාය­ක­ත්වය සප­යන්න අපේ පක්ෂය කට­යුතු කර­න­වා­යිද පැව­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *