දුන්හිද බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් මරුට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් රැගත් බස් රථයක් අද උදෑසන 7.45 ට පමණ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහඔය අසලදී වේල්ලක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී එම බස් රථය තුළ හතළිස් දෙදෙනකු සිට ඇති අතර එම අනතුරෙන් සිසුවියන් දෙදෙනෙක් මිය ගිය අතර, තිස් පස්දෙනෙක්ම තුවාල ලබා තිබේ.
ප්‍රතිකාර සඳහා එම පිරිස ක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *