22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අද ෂාරුක් ඛාන් ගෙ 59 වැනි උපන් දිනේ

(නිහාල් පීරිස් සිය මුහුණු පොතේ තැබූ සටහනකි.)

රඟපෑම ගැන තියෙන ‘සම්භාව්‍යවාදී අර්ථයෙන්’ ෂාරුක් විශිෂ්ට නළුවෙක් නොවුණත් මම ඔහුගේ රඟපෑම් බලන්න කැමතියි. ඔහු රංගනයට ආපු මුල් කාලෙ චිත්‍රපට මම වැඩිය බලල තිබුණෙ නැහැ. මං ඔහුගෙ රසිකයෙක් වුණේ 1997 තිරගත වුණු දිල් තෝ පාගල් හේ කියන චිත්‍රපටය බැලුවට පස්සෙයි. යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ කතාව ඇතුළෙ ෂාරුක්ව මුලින්ම ඕඩියන්ස් එකට හඳුන්වල දෙන අර සංගීත ප්‍රසංගයෙ සීන් එකෙන්ම මට පිස්සු හැදුණ. එයින් පස්සෙ ඔහුගෙ පරණ චිත්‍රපටත් හොයාගෙන බැලුව. දිල්වාලේ දුල්හනියා ලෙ ජායිංගෙ වගේ ඒව බැලුවෙ පස්සෙ යි.

ෂාරුක්ගෙ ආකර්ශණීයත්වයට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. ඔහු රඟපාපු සමහර චිත්‍රපටවල කතන්දරවල රොමැන්ටික් බව, ගීතවල අපූර්වත්වය, උදිත් නාරායන් වගේ ගායකයන්ගෙ හැඟීම්බර හඬ සහ ගායනා වගේ ඒව මේ ජනප්‍රියත්වයට අනිවාර්යයෙන්ම බලපාල තියෙනව. නමුත් ෂාරුක්ගෙ මුහුණෙ තියෙන ‘කාටත් සමීපත්වයක් දැනෙන’ අව්‍යාජ මිත්‍රශීලි පෙනුම, ඔහුගේ බොඩි ලැංග්වේජ් එකේ තියෙන සරළ, සැහැල්ලු, නිදහස්, කෙළිලොල් බව වගේ කාරණා ෂාරුක්ගෙ ආකර්ශණීයත්වයට විශාල බලපෑමක් කළා කියල මට හිතෙනව. ඔහු දෑත දෙපැත්තට විහිදුවල දක්වන ඉරියව්ව වගේ සුප්‍රකට ඉරියව්වලට විශාල අනන්‍යතාවක් ලැබිල තියෙන්නෙ මේ නිසා කියල කියන්න පුලුවන්.

ෂාරුක් බොහෝ විට කරන්නෙ අධි රංගනයක්. නමුත් සමහර නළුවන් ගෙ මේ අධිරංගනය අපිට අධිරංගනයක් හැටියට අමු ගතියකින් දැනෙන්නෙ නැහැ. මට හිතෙන විදියට ඒකට හේතුව ඒ නළුවන් ගෙ අධිරංගනය ඇතුළෙත් මොකක්දෝ ‘කලාවක්’ තිබීම. ෂාරුක්ටත් මේ හැකියාව උපරිමයෙන් තියෙනව කියලයි මට හිතෙන්නෙ. නළුවෙක් හැටියට ඔහුගෙ විශිෂ්ටත්වය මනින්න වෙන්නෙ මේ වගේ මිනුම් දඬු ඔස්සේ යි. ලංකාවෙ ගාමිණී ෆොන්සේකගෙ, ජෝ අබේවික්‍රමගෙ, ස්වර්ණා මල්ලවආරච්චිගෙ සමහර රඟපෑම්වලත් මේ ලක්‍ෂණය තිබුණ.

කෙසේ නමුත් ෂාරුක් මේ මෑතක රඟපාපු පතාන්, ජවන් වගේ ඒවට නං මගෙ එච්චර කැමැත්තක් ඇති වුණෙ නැහැ. ෂාරුක් හරියටම සෙට් වෙන්නෙ පෙම්වතාගෙ චරිතයට යි. ඒ චරිත ඇතුළෙ ඔහුගෙන් එළියට එන අව්‍යාජකම සමාජ දේශපාලන ජාතිකවාදී වීරයාගෙ චරිත කරන කොට සම්පූර්ණයෙන්ම වගේ අතුරුදහන් වෙනව.

( මේ එක්ක තියෙන ඡායාරූපය දිල් තෝ පාගල් හේ රූපගත කරද්දි ගත්තු එකක්. මගේ ප්‍රියතම අධ්‍යක්‍ෂවරයෙක් වෙච්චි යාශ් චොප්රාත් ඒකෙ ඉන්නව)

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz